Sadata Sahasikam Kala Aya Song Lyrics - සඳට සැහැසිකම් කළ අය ගීතයේ පද පෙළ

Sadata Sahasikam Kala Aya Song Lyrics - සඳට සැහැසිකම් කළ අය ගීතයේ පද පෙළ
Song Title : Sadata Sahasikam Kala Aya (සඳට සැහැසිකම් කළ අය)
Singing : Chandrasena Hettiarachchi (චන්ද්‍රසේන හෙට්ටිආරච්චි මහත්මා)

සඳට සැහැසිකම් කළ අය
සඳ එළියෙන් සැණසුනාට
සඳ සාවිට දුක හිතෙන්නෙ නෑ
නුඹට ආදරෙන් සිටි අය
නුඹ හා දොඩමළු වෙනකොට
මට නම් එය දරාගන්න බෑ

සුවඳ මටත් දී පෙර දා
යළිඳු නුඹ වටා සරනා
බිඟුන් නිසා මගෙ හිත නිද නෑ
තුඩින් තුඩට රොන් විදහැර
දිනෙන් දින පිපී පරවෙන
මලක් නිසා මට නිවනක් නෑ

සඳට සැහැසිකම් කළ අය
සඳ එළියෙන් සැණසුනාට
සඳ සාවිට දුක හිතෙන්නෙ නෑ
නුඹට ආදරෙන් සිටි අය
නුඹ හා දොඩමළු වෙනකොට
මට නම් එය දරාගන්න බෑ

සුවඳක් තනිවම විදින්න
බඹරෙකු උහුලන ගින්දර
මලකට කිසිදා පෙනෙන්නෙ නෑ
නුඹගෙන් උණුසුම විඳිනා
මගෙ හිත ලඟ දඟ කෙරුවත්
නුඹට උණුසුමක් දැනෙන්නෙ නෑ

සඳට සැහැසිකම් කළ අය
සඳ එළියෙන් සැණසුනාට
සඳ සාවිට දුක හිතෙන්නෙ නෑ
නුඹට ආදරෙන් සිටි අය
නුඹ හා දොඩමළු වෙනකොට
මට නම් එය දරාගන්න බෑ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment