Hadawathe Kella (Ine Gatena) Song Lyrics - හදවතේ කෙල්ල (ඉනේ ගැටෙන) ගීතයේ පද පෙළ

Hadawathe Kella (Ine Gatena) Song Lyrics - හදවතේ කෙල්ල (ඉනේ ගැටෙන) ගීතයේ පද පෙළ
Song Title : Hadawathe Kella (Ine Gatena) (හදවතේ කෙල්ල (ඉනේ ගැටෙන))
Artist - MG Dhanushka
Music - Prageeth Perera
Lyrics - Kelum Dissanayake
Music Label - Desawana Music

ඉනේ ගැටෙන දිග කොණ්ඩේ රටා අතුරලා
ලතාවකට ඇය එන්නේ දෙපා හොල්ලලා
සුදු බෝල මූණෙ ආලකම් බලා
ඇස් දෙක දුවන්නෙ නෑ ඉවත්වෙලා
දඟ කතා මල්ල
කනට මියුරු පැණි මතක් කලා
සුදු මුදු ඇඟිල්ලෙ මුදුව එල්ලලා
හදවතේ කෙල්ල සහෙට ගන්න ඕන ඉල්ලලා

ඔය රූ සොබා හද ඇතුලේ තබා
දොරඟුලු ලා දමා ගත්තා සෙවනැල්ලේ ඉඳලා
පසුපස බෝ දෙනා ආවත් පා සිනා
දොඩමලු වෙන්න එපා කෙල්ලේ මගෙ කොල්ලෝ කියාලා
සුදු බෝල මූණෙ ආලකම් බලා
ඇස් දෙක දුවන්නෙ නෑ ඉවත්වෙලා
දඟ කතා මල්ල
කනට මියුරු පැණි මතක් කලා
සුදු මුදු ඇඟිල්ලෙ මුදුව එල්ලලා
හදවතේ කෙල්ල සහෙට ගන්න ඕන ඉල්ලලා

හිඳිමූ සැපේ අපි දෙන්නා අපේ
ආදර ලොකයේ හැමදා සැනසිල්ලේ වැටිලා
දුක සංකා කැපේ ඔබ දකිනා හිතේ
අමතක වෙන්න එපා කොල්ලා මම ඔබගේ කියලා
සුදු බෝල මූණෙ ආලකම් බලා
ඇස් දෙක දුවන්නෙ නෑ ඉවත්වෙලා
දඟ කතා මල්ල
කනට මියුරු පැණි මතක් කලා
සුදු මුදු ඇඟිල්ලෙ මුදුව එල්ලලා
හදවතේ කෙල්ල සහෙට ගන්න ඕන ඉල්ලලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment