Muthu Kadulin Ma Denethe Song Lyrics - මුතු කඳුලින් මා දෙනෙතේ ගීතයේ පද පෙළ

Muthu Kadulin Ma Denethe Song Lyrics - මුතු කඳුලින් මා දෙනෙතේ ගීතයේ පද පෙළ
Song Title : Muthu Kadulin Ma Denethe (මුතු කඳුලින් මා දෙනෙතේ)
Singing : Chandrasena Hettiarachchi (චන්ද්‍රසේන හෙට්ටිආරච්චි මහත්මා)

මුතු කඳුලින් මා දෙනෙතේ
පෙම් සිතුවම් බොඳ වන්නේ
රිදවන්නද වෙන්වූයේ තනිවෙන්නම් මා 
මුතු කඳුලින් මා දෙනෙතේ
පෙම් සිතුවම් බොඳ වන්නේ

සඳ මඩලේ තරු පොකුරේ රුව ඇඳුනේ ඔබගේ
මද පවනේ මල් ගොමුවේ සුවඳ දැනේ ඔබගේ
කඳුළැල්ලෙන් හසරැල්ලෙන් සැනසෙන්නම් මා

මුතු කඳුලින් මා දෙනෙතේ
පෙම් සිතුවම් බොඳ වන්නේ
රිදවන්නද වෙන්වූයේ තනිවෙන්නම් මා 
මුතු කඳුලින් මා දෙනෙතේ
පෙම් සිතුවම් බොඳ වන්නේ

මල් පිපුනේ රොන් පිරුණේ බඹරුන් ගී ගැයුවේ
නෙතු දැහැනේ පෙම් සිහිනේ සිතුවම් මා පෙලුවේ
හසරැල්ලෙන් කඳුළැල්ලෙන් සැනසෙන්නම් මා

මුතු කඳුලින් මා දෙනෙතේ
පෙම් සිතුවම් බොඳ වන්නේ
රිදවන්නද වෙන්වූයේ තනිවෙන්නම් මා 
මුතු කඳුලින් මා දෙනෙතේ
පෙම් සිතුවම් බොඳ වන්නේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment