Oya Nisa Mage Sina Song Lyrics - ඔයා නිසා මගේ සිනා ගීතයේ පද පෙළ

Oya Nisa Mage Sina Song Lyrics - ඔයා නිසා මගේ සිනා ගීතයේ පද පෙළ
Song Title : Oya Nisa Mage Sina (ඔයා නිසා මගේ සිනා)
ගායනය : චන්ද්‍රෙස්න හෙට්ටිආරච්චි
සංගීතය : රදීශ් වැන්දබොනා
පද රචනය : ලසිත ජයනෙත්තිආරච්චිගේ


ඔයා නිසා මගේ සිනා මැකී ගියාදෙන්
ඔබේ සිනාවන් මතකේ රැදි තියෙද්දෙන්
ඔබේ පුංචි දෙතොල් අතර මා තනිවෙද්දෙන්
ඔයා ලැබෙන්නේ නැත්තම් තනිකඩ වෙද්දෙන්

තනිකමෙන් ගඟ ගලා යනවා 
සඳේ නුබ නැහැ අම්බරේ
විදවමින් සිත සොයනවා තව 
ඔයා කොතැනද හැංගුනේ
අපි හමුවුනොතින් සඳ එයි නැගිලා 
ගංඟාවට එළිය අරන්
ආදර මල් යායක් අරන්

බලා ඉන්නම් තව හුඟක් කල් 
ඔයා එනතුරු මා සොයා
සොයා නාවත් ඉවසලා හිත 
හදාගන්නම් ඔබ නිසා
තනිකම උහුලා පහලට ගලනා 
ගඟ සේ ඉන්නම් සතුටින්
සෙනෙහස රන්දා රහසින්

ඔයා නිසා මගේ සිනා මැකී ගියාදෙන්
ඔබේ සිනාවන් මතකේ රැදි තියෙද්දෙන්
ඔබේ පුංචි දෙතොල් අතර මා තනිවෙද්දෙන්
ඔයා ලැබෙන්නේ නැත්තම් තනිකඩ වෙද්දෙන්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment