Adura Bidinnata Reyak Dawalu Song Lyrics - අඳුර බිඳින්නට රැයක් දවාලු ගීතයේ පද පෙළ

Adura Bidinnata Reyak Dawalu Song Lyrics - අඳුර බිඳින්නට රැයක් දවාලු ගීතයේ පද පෙළ
Song Title : Adura Bidinnata Reyak Dawalu (අඳුර බිඳින්නට රැයක් දවාලු)
Singing : Victor Rathnayaka (වික්ටර් රත්නායක මහත්මා)

අඳුර බිඳින්නට රැයක් දවාලු
ලන්තෑරුම් නිවලා
තිමිරයෙ තිරකඩ අරුණෙහි බිඳ හැර
හිරු තව දවසක් ගෙනැවිල්ලා

මතකය නම් වූ මළ පොත පෙරලා
මළගිය ඊයේ සිහිපත් කළ මැන
පැතූ පැතුම් අත් මිට මොළවාගත්
දෑතෙහි දසැඟිලි දිග හැරලනු මැන
එහි මොනවද ඇත්තේ
කිසිත් නැත
හිස් බවෙකිය ඇත්තේ

සමුදුරු ගිරිහෙල් දෙරණ තලා මැද
යෞවන විය පියවර තබනා සඳ
හිස්වන පද විත සපුරා ගන්නට
මියැසි විරාමය යළි පැමිණී ඇත
අරුමෙකි පැවසෙන්නේ
එපමනයි
පිළිසරණය වන්නේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment