Maa Nageniyani Song Lyrics - මා නැගෙනියනි ගීතයේ පද පෙළ

Maa Nageniyani Song Lyrics - මා නැගෙනියනි ගීතයේ පද පෙළ
Song Title : Maa Nageniyani (මා නැගෙනියනි)
Lyrics : Dulani Chamalka (දුලනි චමල්කා)

දෑවුරුද්දකි අපේ ලෙන්ගතු
සිත් එකින් එක යාවෙලා
වෙන් වුවත් අප ගතින් මේ ලෙස 
සිතින් සැමදා යාවෙලා

සොයුරියයි ඔබ පෙර බවේ
මා හදෙහි රැදුනා සෑමදා
ඒ නිසා මේ භවෙත් ඒ ලෙස
එක්වුනා ඔබ හා මෙමා

ඇතත් කොතෙකුත් හද දවාලන
ගැටලු මා හට ලංවෙලා
ඔබයි සැමදා මගේ හදගිනි
නිවාලූයේ ලංවෙලා

දිරිය දුන්නා සෑම දේටම
මගේ නැගෙනිය ලෙස සදා
නොවේ අමතක කිසිම දිනකදි
මට සදා ඔබ වාසනා..

ඔබේ ගුනවැල් අකුරු කෙරුමට
මගේ පදවැල් මදිය මා හට
යළිදු භවයක මගෙම වේවා
ඔබයි නැගෙනිය සෑමදා

අමාවක පෝ දාක ඉපදුන 
නිසාවෙන් විය ඔබ අමා
අමාලියේ ඔබ සෑමදාමත්
පුරහදයි මට වාසනා... 

අවුරුදු දෙකක් වැනි කෙටි කාලයක් ඇසුරු කලත් මගේ ජීවිතයේ සොදුරු යෙහෙළිය.. මිතුදමකට එහා ගිය සොයුරු පෙමක් අපි දෙන්නා අතර තිබුනා... ඒ බැදීම අපි වෙන් වෙලා දුරකට ගියත් හැමදාමත් පවතින සොදුරු බැඳීමක්... ඒ බැදීම අකුරු කරන්න ගත්ත උත්සහයක් තමයි මේ...
දුලා..✍️
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment