Ahasa Se Oba Ananthai Song Lyrics - අහස සේ ඔබ අනන්තයි ගීතයේ පද පෙළ

Ahasa Se Oba Ananthai Song Lyrics - අහස සේ ඔබ අනන්තයි ගීතයේ පද පෙළ
Song Title : Ahasa Se Oba Ananthai (අහස සේ ඔබ අනන්තයි)
Singing : Nanda Malani (විශාරද නන්දා මාලනි මහත්මිය)

අහස සේ ඔබ අනන්තයි
සයුර සේ ඔබ අනන්තයි //
මේ විශ්වයේ මා දකින්නේ
ඔබමැ පමණයි ඔබ අනන්තයි 

වෙණ තතක් හැඬවෙන තැනක් ඔබ
මධුවිතක් උතුරන තැනක් ඔබ
තෙලිතුඩක් දැවටෙන තැනක් ඔබ
පන්හිඳක් ගැවසෙන තැනක් ඔබ

අහස සේ ඔබ අනන්තයි
සයුර සේ ඔබ අනන්තයි //
මේ විශ්වයේ මා දකින්නේ
ඔබමැ පමණයි ඔබ අනන්තයි

අඩ සඳක් සැඟවෙන තැනක් ඔබ
රළ පෙළක් පෙරලෙන තැනක් ඔබ
සිහිලසක් දනවන තැනක් ඔබ
උණුසුමක් ගෙන දෙන තැනක් ඔබ

අහස සේ ඔබ අනන්තයි
සයුර සේ ඔබ අනන්තයි //
මේ විශ්වයේ මා දකින්නේ
ඔබමැ පමණයි ඔබ අනන්තයි

සිංහලෙන් සැකසුම - Anjana Edirisinghe (අංජන එදිරිසිංහ සොහොයුරා)
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment