Amuthuma Premayak Song Lyrics - අමුතුම ප්‍රේමයක් ගීතයේ පද පෙළ

Amuthuma Premayak Song Lyrics - අමුතුම ප්‍රේමයක් ගීතයේ පද පෙළ
Song Title : Amuthuma Premayak (අමුතුම ප්‍රේමයක්)
Artist : Samitha Mudunkotuwa
Lyricist : Dilan Gamage
Melody & Music by Santhur ‪@SANTHUR‬


ඒ ආදරණීයම ප්‍රේමේ
පෙම්වතියයි මම නුඹගේ
අදටත් පළමු ප්‍රේමයයි මගේ ඔයා

අතරමං වුනු පෙම් කතරේ
තනිවෙලා මං සිහින අතරේ
මිරිගුවක් පස්සේ දුවමි මං සදා

අමුතුම ප්‍රේමයක් මේක
යලිත් නොලැබේවි කිසිදාක
මතක විතරයි ඉතිරි අපට
අපි අපෙන් දැන් ඈතට වෙලා

මම තාමත් මගේ ප්‍රේමය සොයනවා
නුඹ එනකන් මග තාමත් බලනවා
මම තාමත් මගේ ප්‍රේමය සොයනවා
නුඹ එනතුරු මග තාමත් බලනවා

මේ ලැම තුරුලට ගුලි වී
විදි සෙනහස අද සිහි වී
රහසින් හිද විදවා වී
මා ඔබ වෙනුවෙන් හිදිමී

අපි හමු වූ
අපි වෙන් වූ
වස්සානේ ප්‍රේමයේ
මා රිද වූ
මා සැන සූ
එකම කෙනා නුඹ වේ

අමුතුම ප්‍රේමයක් මේක
යලිත් නොලැබේවි කිසිදාක
මතක විතරයි ඉතිරි අපට
අපි අපෙන් දැන් ඈතට වෙලා

මම තාමත් මගේ ප්‍රේමය සොයනවා
නුඹ එනකන් මග තාමත් බලනවා
මම තාමත් මගේ ප්‍රේමය සොයනවා
නුඹ එනතුරු මග තාමත් බලනවා


👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment