ALOKE Song Lyrics - ආලෝකේ ගීතයේ පද පෙළ

ALOKE Song Lyrics - ආලෝකේ ගීතයේ පද පෙළ
Song Title : ALOKE (ආලෝකේ)
Artist : Dhanith Sri
Lyrics & Melody : Dhanith Sri
Music : Dhanith Sri
Electric Guitar : Dhanith Sri
Mix & Master : Rusiru Rupasinghe
Illustrations : Dhanith Sri


වරලේ නුඹේ සැලුනා
නෙරියේ නුඹේ රැඳුනා
සිහිනේ නුරා දැනුනා මා
අඳුරේ නුවන් තෙමුනා
සිතුසේ හැඟුම් ගලනා
මිහිරාවියේ සඳසේ පායා

අඳුරේ
නුඹෙ නුඹේ රුව මැවුනේ
හදේ හදේ හද බැඳුනේ
නුඹේ රූපේ
සොඳුරේ
නුඹෙ නුඹේ සිත දැනුනේ
හදේ හදේ හද මැඳුරේ
නුඹයි ආලෝකේ

සඳ එළියේ පේනා
දෙව්දුවකි මා හා
නිල් දෙනෙතින් රහසයි පවසනා
අඳුරේ එළිය වීලා
ලංවී ඉන්න මා හා
ආශා නැද්ද ක්ෂිතිජයේ නිම් සොයා

නින්ද නේන හේතු කාරණා
රූ මැවෙයි ඈගේ රැයේ දිවා
ආකහේම තාරුකා වෙලා
නුඹ මා
ළඟින් හිඳින් සදා

අඳුරේ
නුඹෙ නුඹේ රුව මැවුනේ
හදේ හදේ හද බැඳුනේ
නුඹේ රූපේ
සොඳුරේ
නුඹෙ නුඹේ සිත දැනුනේ
හදේ හදේ හද මැඳුරේ
නුඹයි ආලෝකේ

නුඹයි ආලෝකේ
නුඹයි ආලෝකේ


👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment