Mawila Song Lyrics - මැවිලා ගීතයේ පද පෙළ

Mawila Song Lyrics - මැවිලා ගීතයේ පද පෙළ
Song Title : Mawila (මැවිලා)
Perform by DILU Beats & @KingLotuss 
Film by Hasindu D Silva
Directed by Shan Putha
Music by DILU Beats @Magampura Studios
Written by Ashan Perera
Recording Studio : @Dimi3 
Flute : Nipun Tharusha


සිතුවිලි හාරනා
මතකය පාරනා
නුඹ පෙර කාරණා ගෙනා
නීරස චේතනා
ඒ රුව වේදනා
සිහිනෙක ඈ සිනාසෙනා

තරුකැට දිලිසෙන්නා වූ මේ යාමේ
සඳ ඝනඳුර අතරින් යලි නේනා සේ
ඉටු කරලිය නොහැකියි මේ පේනා දේ මැවිලා
පිය සටහන් වැදුනා නම් මේ පාරේ
දනවයි අපි ඇවිදපු හැටි ඒ කාලේ
කිසි දවසක නෑ මා හට මේ වාගේ දැනිලා

මම පෙරදිනකදි යුවතියක් සහ සිටි තැනක් නෙත ගැටුනා
මම නැවතුන තැන අමතක උනා හදවත හිරි වැටුනා
අයෙක් මුන ගැසුනා නුඹෙ ඉකි හඬ මට ඇසුනා
ඒ ලෝක ධර්මෙ දෙයක් හටගත්තා ඒ දෙය නැසුනා

එපිටට සීමාවේ තනිවුනු වේලාවේ
නොකිව්වට මගෙ හිතෙ පෙර මතක රැසක් බිහි උනා
නුඹ අද මුලාවේ මම අද හිනාවේ
නුඹ අද කොහෙවත් මම කොහෙවත් බව සිහි උනා

මේ හුලඟ තාම එහෙමමයි
ගහ කොල තා එහෙමමයි
වෙනස් අපි දෙන්නා කන රහ තමයි
මගෙ නිදහසට වූ තහනමයි
මා හා වෙසෙන්න අමාරු
හිත කියවිය හැක මූනෙන්
දුන්නා වූ මතකෙට අම්මාපල්ලා ස්තුතියි

එපිටට සීමාවේ තනි වුන වේලාවේ
දැන් මට පේන තරම්
නුඹ අද මුලාවේ මම අද හිනාවේ
දැනුනද ඕන තරම්
හිත පුරා මුමුනනා මතකෙන් සමුදී මං ඉන්නම්
මටත් හොරා මතකයේ අතරින් කිමිදී මං එන්නම්

තරුකැට දිලිසෙන්නා වූ මේ යාමේ
සඳ ඝනඳුර අතරින් යලි නේනා සේ
ඉටු කරලිය නොහැකියි මේ පේනා දේ මැවිලා
පිය සටහන් වැදුනානම් මේ පාරේ
දනවයි අපි ඇවිදපු හැටි ඒ කාලේ
කිසි දවසක නෑ මා හට මේ වාගේ දැනිලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mawila Song Lyrics - මැවිලා ගීතයේ පද පෙළ Mawila Song Lyrics - මැවිලා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 08, 2023 Rating: 5

0 comments:

Post a Comment