Dewure Dilena Song Lyrics - දෙවුරේ දිලෙනා ගීතයේ පද පෙළ

Dewure Dilena Song Lyrics - දෙවුරේ දිලෙනා ගීතයේ පද පෙළ

Dewure Dilena Song Lyrics - දෙවුරේ දිලෙනා ගීතයේ පද පෙළ
Song Title : Dewure Dilena (දෙවුරේ දිලෙනා)
ගායනය : ජානක වික්‍රමසිංහ
පද රචනය : ආනන්ද හේවාරංහිඳගේ
තනුව හා සංගීතය : ආචාර්ය රෝහණ වීරසිංහ


දෙවුරේ දිලෙනා සොඳ මුතු මාල පළඳන්නා
දෙකනේ ලෙළෙනා ‍රන් මිණි තෝඩු දවටන්නා
හඳයෝ හැමදා නුඹ පණ සේම රැක ගන්නා

සමනොල මළුවේ
රන්වැලි වෙහෙරේ
මුදුනත සේම මට දැනෙනා
සොබනිගෙ සෙනෙහේ
ගෙපැලට වඩනා
සුභ හෝරාව ළංවෙනවා
යමු රජුනේ පමා වෙනවා
හඳයෝ හැමදා නුඹ පණ සේම රැක ගන්නා

ගොම මැටි ඇතිරෑ
තනිකඩ ගෙ‍පැලේ
සිරිලිය සේම ඈ හිඳුවා
ගම්මානෙ පුරා
කල එළි කරවා
මම හත්දා මඟුල් කනවා
මේ පිං උඹට පිහිටනවා

දෙවුරේ දිලෙනා සොඳ මුතු මාල පළඳන්නා
දෙකනේ ලෙළෙනා ‍රන් මිණි තෝඩු දවටන්නා
හඳයෝ හැමදා නුඹ පණ සේම රැක ගන්නා
දෙවුරේ දිලෙනා සොඳ මුතු මාල පළඳන්නා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment