Balakawiyan Song Lyrics - බාලිකාවියන් ගීතයේ පද පෙළ

Balakawiyan Song Lyrics - බාලිකාවියන් ගීතයේ පද පෙළ

Balakawiyan Song Lyrics - බාලිකාවියන් ගීතයේ පද පෙළ
Song Title : Balakawiyan (බාලිකාවියන්)
ගායනය : ජානක වික්‍රමසිංහ
පද රචනය : සමන් ඒකනායක
තනුව හා සංගීතය : එච්.එම්. ජයවර්ධන


බාලිකාවියන්
තක්සලා දොරෙන්
ඉස්සිලා හොරෙන් බලාවි ගස්සලා නුවන්
යන්තරේ හඬින්
මන්තරේ දුමින්
රාවණා ඇවිත් හිඳීවි සෙයිලමේ ඉඳන්

ලියා මුතු වදන්
යොමා සුවඳ පැන්
එවා දූතයන් කර මත මහා පෙම් හසුන්
මවා බොරු වදන්
ගෙනා අවසරෙන්
මිදී කූඩුවෙන් ඉගිලෙති ස්වර්ණමාලියන්

බාලිකාවියන්
තක්සලා දොරෙන්
ඉස්සිලා හොරෙන් බලාවි ගස්සලා නුවන්
යන්තරේ හඬින්
මන්තරේ දුමින්
රාවණා ඇවිත් හිඳීවි සෙයිලමේ ඉඳන්

උත්පලාවියන්
බාල බොලඳියන්
මත්වෙලා පෙමින් දෙනුවන් පෙම්බරා ළඟින්
මල් වැටෙන් එහා
රඟහලින් මෙහා
සිනා පා රුවෙන් කොතැනද රංගනේ රැඟුම්

බාලිකාවියන්
තක්සලා දොරෙන්
ඉස්සිලා හොරෙන් බලාවි ගස්සලා නුවන්
යන්තරේ හඬින්
මන්තරේ දුමින්
රාවණා ඇවිත් හිඳීවි සෙයිලමේ ඉඳන්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment