අල කීරමින් බැදුම හදමු (Ala Kiramin Baduma Hadamu)

අල කීරමින් බැදුම හදමු (Ala Kiramin Baduma Hadamu) - Your Choice Way

ඔන්න අදත් මං ඔයාලට රස කෑම වට්ටෝරුවක් අරන් ආවා. අල කිරි හොදි උයපු දාට කරවල තෙල් දාන්න අපේ ගෘහනියන්ගේ කෑම වේල අතර ජනප්‍රියයි නේද 😋 ඉතිං මේ වර්ග දෙකම එකට එකතු කරලා හදන රසම රස අල , කීරමින් බැදුමක් තමයි මං අද ඔයාලට ගෙනාවෙ. 😍

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • 🔸 තරමක අර්තාපල් අල දෙකක්
  • 🔸 කීරමින් 50g පමණ
  • 🔸 බී ලූනු ගෙඩියක්
  • 🔸 කෑලි මිරිස් තේ හැඳි 2ක්
  • 🔸 රම්පෙ ,කරපිංචා ටිකක්
  • 🔸 රස අනුව ලුනු
  • 🔸 දෙහි ඇඹුල් ටිකක්
  • 🔸 බැදීමට තෙල්

✅ සාදා ගන්නා ආකාරය :

  1. ✴️ අල සිහින් දිගටි තීරු කපා ගන්න. (ග්‍රේටරයකින් කපා ගන්න පුලුවන්)
  2. ✴️ කිචන් ටවල් එකක් මත අල තීරු දමා තෙත ඉවත් වූ පසු ගැඹුරු තෙලේ බැද ගන්න.
  3. ✴️ කීරමින් කරවල ටිකද ගැඹුරු තෙලේ බැද ගන්න.
  4. ✴️ දැන් බඳුනක් ලිප තබා තෙල් ටිකක් රත් කර එයට කරපිංචා ,රම්පෙ සහ බී ලූනු දමා බැද ගන්න.
  5. ✴️ ඉන්පසු කෑලි මිරිස් එකතු කර බැදෙන්න හරින්න.
  6. ✴️ දැන් බැදගත් කීරමින් එකතු කරන්න.
  7. ✴️ එයට බැදගත් අල සහ රස අනුව ලුනු එකතු කර හොඳින් කලවම් කරන්න.
  8. ✴️ දැන් ලිපෙන් ඉවතට ගෙන දෙහි ඇඹුල්  ටිකක් එකතු කර රස විඳින්න.

💚❤️ ඔයාලත් හදලා රස කියන්නකෝ  ❤️💚 සැකසුම : ® නදීෂා ගමගේ ..හෙළයේ රස මිහිර
අල කීරමින් බැදුම හදමු (Ala Kiramin Baduma Hadamu) - Your Choice Way

අල කීරමින් බැදුම හදමු (Ala Kiramin Baduma Hadamu) - Your Choice Way

අල කීරමින් බැදුම හදමු (Ala Kiramin Baduma Hadamu) - Your Choice Way
අපගේ page එකටත් like කරන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
අල කීරමින් බැදුම හදමු (Ala Kiramin Baduma Hadamu) අල කීරමින් බැදුම හදමු (Ala Kiramin Baduma Hadamu) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 07, 2022 Rating: 5

0 comments:

Post a Comment