Suwada Rosa Mal Nela Song Lyrics - සුවඳ රෝස මල් නෙළා ගීතයේ පද පෙළ

Suwada Rosa Mal Nela Song Lyrics - සුවඳ රෝස මල් නෙළා ගීතයේ පද පෙළ
Song Title : Suwada Rosa Mal Nela (සුවඳ රෝස මල් නෙළා)
ගායනය : සී.ටී. ප්‍රනාන්දු
පද : ආර්.එන්.එච්. පෙරේරා
තනුව : සී.ටී. ප්‍රනාන්දු


සුවඳ රෝස මල් නෙළා
මාල ගොතාලා
ගෙලේ දමා ඉනේ ඔතා
සිරස සදාලා //

ඈත සීනියා
පිච්ච ඩේලියා
බලා නෙළා ගනිමි මෙමා
උයනෙ සරාලා

මාල ගොතාලා
ගීත ගයාලා //

තබා පතුල් රඟන රඟා
බලමු සියල්ලා

මිහිරි ගීත ගය ගයා
පේළි සැදීලා
සිනා පපා වටේ යතා
නටති සිනා ලා
බාලවූ ළමා
සදති මල්දමා
දෙපා පදින් පදට තබා
කිකිණි සලාලා

දෑත නගාලා
නේත්‍ර විදාලා //

නමා කමල් පැදෙති සුරල්
රඟ පරදාලා

සුවඳ රෝස මල් නෙළා
මාල ගොතාලා
ගෙලේ දමා ඉනේ ඔතා
සිරස සදාලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment