සැමන් හදමු (ටින් මාලු හදමු - Saman Hadamu)

සැමන් හදමු (ටින් මාලු හදමු - Saman Hadamu) - Your Choice Way

ටින් මාලු නැත්නම් සැමන් ගෙදරදිම හදා ගන්න විදිය තමයි අද මං ඔයාලට ගෙනාවෙ. කඩෙන් ලොකු මුදලක් දීලා ගේන සැමන් එකකට වඩා ඇත්තටම ගෙදර හදන සැමන් රසයෙන් ඉතා ඉහලයි. ඒවගේම රසායනික ද්‍රව්‍ය කිසිවක් නැතුව අපට අවශ්‍ය රසයෙන් ඉතා පිරිසිදුව හදා ගන්නත් පුලුවන්.සැමන් හදා ගන්න නම් අපට ප්‍රෙෂර් කුකර් එකක් අනිවාර්යයෙන් ඕන වෙනවා . එහෙනම් බලමු කොහොමද හදා ගන්නෙ කියලා .

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • 🌶️ මාලු  1kg ක් (මම ගත්තෙ ලින්නා මාලු , ඔයාලා කැමති මාලු වර්ගයක් ගන්න . ලින්නා මාලු නම් ඉතාමත් රසයි ,සුවඳයි)
  • 🌶️ තෙල් මේස හැඳි  2 ක් (ඔලිව් තෙල්/ එලවලු තෙල් හෝ පොල් තෙල්)
  • 🌶️ ලුනු තේ හැඳි 2 ක්
  • 🌶️ ගම්මිරිස් කුඩු තේ හැඳි  2ක්
  • 🌶️ විනාකිරි මේස හැඳි  1 ක් (අත්‍යාවශ්‍ය නැහැ)
  • 🌶️ තක්කාලි සෝස්  මේස හැඳි 2 ක්
  • 🌶️ වතුර කෝප්ප  1 1/2 ක්

✅ සාදා ගන්නා ආකාරය :

  1. ♨️ මාලු වල ඔලු සහ බඩ ඉවත් කර කපා සෝදා පිරිසිදු කර ගන්න.
  2. ♨️ පිරිසිදු කරගත් මාලු ප්‍රෙෂර් කුකර් එකේ අතුරා ඉහත කලමනා දමන්න.ඉහත කලමනා ඔයාලගෙ රස අනුව අඩු වැඩි කර ගන්න පුලුවන්.
  3. ♨️ දැන්  වතුර කෝප්ප 1 1/2 ක්  එකතු කරන්න .මාලුවල උසට වතුර තියෙන්න ඕන මදි වගේ නම් තව ටිකක් එකතු කර ගන්න , වැඩි කර ගන්නත් එපා.
  4. ♨️ දැන් වැඩි ගින්දරේ ප්‍රෙෂර් කුකර් එක ලිප තබා පලමු විසිල් එක වදින තුරු ඉන්න.
  5. ♨️ පලමු විසිල් එක වැදුනු පසු ගින්දර අඩුම කර විනාඩි 45 ක් පමණ පිස ගන්න.(ලොකු මාලු නම් වෙලාව ටිකක් වැඩි වෙන්න පුළුවන් පැයක් පමණ)
  6. ♨️ නිවුනු පසු පියන හැර බලන්න කටු අතින් පොඩි වන තරමට තැම්බිලා තියනවද කියලා , මදි වගේ නම් තව විනාඩි 15 ක් පමණ තම්බන්න.
  7. 🔻 ඔයාලට මේ හදා ගන්න සැමන් අධිශීතකරණය තුල මාසයක් පමණ කාලයක් උනත් තියා ගන්න පුලුවන් . අවශ්‍ය ප්‍රමාණ වලට වෙන් කරගෙන පියන් සහිත භාජන වල අසුරා අධිශීතකරනයේ දාන්න.එතකොට ඔයාලට අවශ්‍ය වෙලවට අවශ්‍ය ප්‍රමාණය ව්තරක් ගන්න පහසුයි.
😍 එහෙනම් ඔයාලත් හදලා රස කියන්නකෝ 😍 

සැකසුම : © නදීෂා ගමගේ ..හෙළයේ රස මිහිර

සැමන් හදමු (ටින් මාලු හදමු - Saman Hadamu) - Your Choice Way

සැමන් හදමු (ටින් මාලු හදමු - Saman Hadamu) - Your Choice Way

අපගේ page එකටත් like කරන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment