Ambili Mame Song Lyrics - අම්බිලි මාමේ ගීතයේ පද පෙළ

Ambili Mame Song Lyrics - අම්බිලි මාමේ ගීතයේ පද පෙළ
Song Title : Ambili Mame (අම්බිලි මාමේ)
ගායනය : සී.ටී. ප්‍රනාන්දු
පද : ආර්.එන්.එච්. පෙරේරා
තනුව : සී.ටී. ප්‍රනාන්දු
1968 දී මෙම ගීය EP තැටියකට නැගුණි. ග්‍රැමෆෝන් තැටියකට නැගුණේ 1952 දී His Master's Voice ලේබලයෙනි.


අම්බිලි මාමේ ඔබ මොකද කරන්නේ //
පුළුන් වලා යටින් ඉඳන් එබිල බලන්නේ

වටින් පිටින් ඇදෙන්නේ
මුහුණ ඔබේ පිසින්නේ
සේද යොදා සැදූ වලා සළුද කියන්නේ

පාත බලන්නේ මුව විහිදන්නේ
පාත බලන්නේ මුව විහිදන්නේ
රිදී සිනා පපා මෙලෝ එළිය කරන්නේ
පාත බලන්නේ මුව විහිදන්නේ
රිදී සිනා පපා මෙලෝ එළිය කරන්නේ

අම්බිලි මාමේ ඔබ මොකද කරන්නේ //
පුළුන් වලා යටින් ඉඳන් එබිල බලන්නේ

සිසිල් සුළං හමන්නේ
කුමුදු සමන් පිපෙන්නේ
අඳුරු කැලෑ දසත බලා පැනල දුවන්නේ
තුරු නැළවෙන්නේ සුවඳ හමන්නේ
කුසුම් සලා රේණු කැලෑ බිම සරසන්නේ
තුරු නැළවෙන්නේ සුවඳ හමන්නේ
කුසුම් සලා රේණු කැලෑ බිම සරසන්නේ

අම්බිලි මාමේ ඔබ මොකද කරන්නේ //
පුළුන් වලා යටින් ඉඳන් එබිල බලන්නේ

සියල් සතුන් නිදන්නේ
සුරන් මෙලෝ වඩින්නේ
ගුවන් කුසේ මැණික් රැසේ ඔබ සරසන්නේ

සිරස සදන්නේ රැස් පළඳන්නේ
සුපුන් සඳේ ඔබ නිබඳේ ලෝ පුබුදන්නේ //

අම්බිලි මාමේ ඔබ මොකද කරන්නේ
අම්බිලි මාමේ ඔබ මොකද කරන්නේ
පුළුන් වලා යටින් ඉඳන් එබිල බලන්නේ
පුළුන් වලා යටින් ඉඳන් එබිල බලන්නේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment