Sanakeliye Ma Hamuwe Song Lyrics - සැණකෙළියේ මා හමුවේ ගීතයේ පද පෙළ

Sanakeliye Ma Hamuwe Song Lyrics - සැණකෙළියේ මා හමුවේ ගීතයේ පද පෙළ
Song Title : Sanakeliye Ma Hamuwe (සැණකෙළියේ මා හමුවේ)
ගායනය : සී.ටී. ප්‍රනාන්දු
පද : කේ.ඩී.කේ. ධර්මවර්ධන
තනුව : සී.ටී. ප්‍රනාන්දු


සැණකෙළියේ මා හමුවේ ඔබෙ වත රැඳුණේ
හද අඹරේ පුර හඳ සේ ඔබෙ වත රැඳුණේ
මඳ අඳුරේ පෙම් රැහැනේ ඈ මා බැඳුණේ
දිවි අරණේ දෙව් දුව සේ ඈ ළංවූයේ

ඈ මා නෙතේ මා සිතේ පා වුණා
අපගේ පැ.ුම් නිදහසේ ළංවුණා
අභිෂේක වී ඈ මගේ පෙම් විජිතයේ ජීවිතේ
ඈ මා හදේ රුව තබා වෙන්වුණා

මේ වන තුරා ඈ නිසා මා හදේ
මතුවූ හැඟුම් වැලපුණා කැළඹුණා
යළි ඒ වගේ ඈ සොයා පෙරදා වගේ මා ගියා
ඒ මුත් ඇගේ රුව නැතේ හමුවුනේ

සැණකෙළියේ මා හමුවේ ඔබෙ වත රැඳුණේ
හද අඹරේ පුර හඳ සේ ඔබෙ වත රැඳුණේ
මඳ අඳුරේ පෙම් රැහැනේ ඈ මා බැඳුණේ
දිවි අරණේ දෙව් දුව සේ ඈ ළංවූයේ
දිවි අරණේ දෙව් දුව සේ ඈ ළංවූයේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment