Samakoni Thrikonayaki Song Lyrics - සමකෝණි ත්‍රිකෝණයකි ගීතයේ පද පෙළ

Song Title : Samakoni Thrikonayaki (සමකෝණි ත්‍රිකෝණයකි)
ගායනය : ආචාර්ය දයාරත්න රණතුංග
පද රචනය : සමන් චන්ද්‍රනාත් වීරසිංහ
තනුව : ආචාර්ය දයාරත්න රණතුංග

සමකෝණි ත්‍රිකෝණයකි ඔබත් මාත් ඇයත් තිදෙන //
ඔබ එක මුල්ලක සිටියා ඇය තව මුල්ලක සිටියා //
නෙත් සතරක පහස ලබා මම මේ මුල්ලේ සිටියා

ඔබ මගෙ ආදරය පතයි
ඇය මගෙ ආදරය පතයි //

දෙන්නාටම මාත් හිතයි
ත්‍රිකෝණයේ පාද සමයි //

සමකෝණි ත්‍රිකෝණයකි ඔබත් මාත් ඇයත් තිදෙන //

සමච්ජේදනය කරලා
දෙන්නට බැහැ පෙම බෙදලා //

අපි තුන් මුල්ලටම වෙලා
ඉමු මුහුණට මුහුණ බලා //

සමකෝණි ත්‍රිකෝණයකි ඔබත් මාත් ඇයත් තිදෙන //
ඔබ එක මුල්ලක සිටියා ඇය තව මුල්ලක සිටියා //
නෙත් සතරක පහස ලබා මම මේ මුල්ලේ සිටියා
සමකෝණි ත්‍රිකෝණයකි ඔබත් මාත් ඇයත් තිදෙන //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment