Sara Sandata Apa Amathaka Wunawe Song Lyrics - සරා සඳට අප අමතක වුණාවේ ගීතයේ පද පෙළ

Sara Sandata Apa Amathaka Wunawe Song Lyrics - සරා සඳට අප අමතක වුණාවේ ගීතයේ පද පෙළ
Song Title : Sara Sandata Apa Amathaka Wunawe (සරා සඳට අප අමතක වුණාවේ)
ගායනය : ආචාර්ය දයාරත්න රණතුංග
පද රචනය : සිසිර කුමාර බණ්ඩාරගම
තනුව : ආචාර්ය රෝහණ වීරසිංහ


සරා සඳට අප අමතක වුණාවේ
වළාකුළු යහන් ගැබ සැඟවුණාවේ
තරු මලානික රැයේ
නෙතු පියාගත් පැයේ
අපි සිනාසී රැඳී ඉමු හුදකලාවේ
සරා සඳට අප අමතක වුණාවේ

දොඩමළු නෙත් නිවී ගියා නිසංසලේ
බැඳි රැකවල් ලිහී ගියා අපේ ලොවේ
තනිවෙමු පෙම් වසන්ත මල් ලොවේ
සීත සඳ රැයේ

සරා සඳට අප අමතක වුණාවේ
වළාකුළු යහන් ගැබ සැඟවුණාවේ
තරු මලානික රැයේ
නෙතු පියාගත් පැයේ
අපි සිනාසී රැඳී ඉමු හුදකලාවේ
සරා සඳට අප අමතක වුණාවේ

තුරුලිය නෑ කථා වුණේ නිසොල්මනේ
තරු මුතුලැල් ලෙසින් දිලේ නුවන් ඔබේ
හිරු යළි පායලා බිඳින්නෙපා
පෙම් දැහැන් හදේ

සරා සඳට අප අමතක වුණාවේ
වළාකුළු යහන් ගැබ සැඟවුණාවේ
තරු මලානික රැයේ
නෙතු පියාගත් පැයේ
අපි සිනාසී රැඳී ඉමු හුදකලාවේ
සරා සඳට අප අමතක වුණාවේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment