Mangala Madhu Samaya Patha Song Lyrics - මංගල මධු සමය පතා ගීතයේ පද පෙළ

Mangala Madhu Samaya Patha Song Lyrics - මංගල මධු සමය පතා ගීතයේ පද පෙළ
Song Title : Mangala Madhu Samaya Patha (මංගල මධු සමය පතා)
ගායනය : ආචාර්ය දයාරත්න රණතුංග
පද රචනය : උපාලි ධනවලවිතාන
තනුව හා සංගීතය : සරත් ද අල්විස්


මංගල මධු සමය පතා
කුලගෙට ආ රූපිකාව
පාළු ලොවක තනිකරදා
දියඹට යනවා
කුස ගින්දර නිවා ගන්න
දියඹට යනවා

හෝ... හෝ... හෝයියා හෝයියා //

රැල්ල බිඳින අඳෝනාව
ජීවන මළපොත කියවයි
නිම් නැති නිම් වළලු පෙළේ
සම්පත ඇය සැනසුමයි
ඇය මට අත වනනු පෙනේ
ඉවුර කොණේ අතු පැලේ

හෝ... හෝ... හෝයියා හෝයියා //

අඳුර දවන තාරකාව
කළු ලන්තෑරුම් එළියයි
ඔරු බඳ තුරුළේ දැණුනේ
ඊයෙ ලද උණුසුමයි
ඇය මට අත වනනු පෙනේ
ඉවුර කොණේ තොටුපලේ

හෝ... හෝ... හෝයියා හෝයියා ///

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment