Sada Kinithi Namee Song Lyrics - සඳ කිණිති නැමී ගීතයේ පද පෙළ

Sada Kinithi Namee Song Lyrics - සඳ කිණිති නැමී ගීතයේ පද පෙළ
Song Title : Sada Kinithi Namee (සඳ කිණිති නැමී)
ගායනය : ලක්ෂ්මන් විජේසේකර
පද රචනය : යමුනා මාලිනී පෙරේරා
සංගීතය : ලක්ෂ්මන් විජේසේකර


සඳ කිණිති නැමී
විල් දියට එබී
සොයයි සේයාව සඳේ
ඔබෙ නෙතට එබී
මගෙ නෙතද සදා
සොයයි සේයාව මගේ //

සසල නොවී විල තිබෙන තුරා
දිළෙයි සඳ දියට යටින් //
සසල වෙලා දිය කැළඹුණු දා
බිදෙයි සඳ කැබිලි පිටින්

සඳ කිණිති නැමී
විල් දියට එබී
සොයයි සේයාව සඳේ
ඔබෙ නෙතට එබී
මගෙ නෙතද සදා
සොයයි සේයාව මගේ

සසල නොවී ඔබ හිඳින තුරා
පෙනෙයි මා ඔබේ නෙතින් //
සසර පුරා සැරි සරණ තුරා
බලමි ලොව ඹබේ නෙතින්

සඳ කිණිති නැමී
විල් දියට එබී
සොයයි සේයාව සඳේ
ඔබෙ නෙතට එබී
මගෙ නෙතද සදා
සොයයි සේයාව මගේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment