Polkichchi Wage Song Lyrics - පොල්කිච්චී වාගේ ගීතයේ පද පෙළ

Polkichchi Wage Song Lyrics - පොල්කිච්චී වාගේ ගීතයේ පද පෙළ
Song Title : Polkichchi Wage (පොල්කිච්චී වාගේ)
ගායනය : එම්.එස්. ප්‍රනාන්දු
පද හා තනුව : එම්.එස්. ප්‍රනාන්දු
චිත්‍රය දිනිති මහේෂිකා මිරාල් ශිල්පිණිය සතුයි.


පොල්කිච්චී වාගේ සණ්ඩු කරන්නේ
මොණරිය වාගේ ආඩම්බරයි
ගිරවිය වාගේ නිතර දොඩන්නේ
ආදර කූඩුවෙ රන් කිරිල්ලී මගේ
ආදර කූඩුවෙ රන් කිරිල්ලී මගේ //

දිය ඇල්ලක් වාගේ කඩා පනිනවා
ගඟුලැල්ලක් වාගේ සහනය දෙනවා
මල් පොකුරක් වාගේ සිනහ නගනවා
ගල් අහුරක් වාගේ තරහ පුරණවා //

පොල්කිච්චී වාගේ සණ්ඩු කරන්නේ
මොණරිය වාගේ ආඩම්බරයි
ගිරවිය වාගේ නිතර දොඩන්නේ
ආදර කූඩුවෙ රන් කිරිල්ලී මගේ
ආදර කූඩුවෙ රන් කිරිල්ලී මගේ

සෙවණැල්ලක් වාගේ සනීප දෙනවා
සුළි සුළඟක් වාගේ ඈතට යනවා
දින දෙක තුන ගානේ අහක බලනවා
උන් හැටියෙම වාගේ අායෙත් එනවා //

පොල්කිච්චී වාගේ සණ්ඩු කරන්නේ
මොණරිය වාගේ ආඩම්බරයි
ගිරවිය වාගේ නිතර දොඩන්නේ
ආදර කූඩුවෙ රන් කිරිල්ලී මගේ
ආදර කූඩුවෙ රන් කිරිල්ලී මගේ

සිනහ නඟන්නත් නිතරම ඈ මට ඕනේ
අඬා වැටෙන්නත් නිතරම ඈ මට ඕනේ
රණ්ඩු කරන්නත් නිතරම ඈ මට ඕනේ
එහෙම නැතොත් ලෝකේ මම තනිවෙනවා නේ //

පොල්කිච්චී වාගේ සණ්ඩු කරන්නේ
මොණරිය වාගේ ආඩම්බරයි
ගිරවිය වාගේ නිතර දොඩන්නේ
ආදර කූඩුවෙ රන් කිරිල්ලී මගේ
ආදර කූඩුවෙ රන් කිරිල්ලී මගේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment