Palada Kadukasthana Song Lyrics - පැළඳ කඩුකස්ථාන ගීතයේ පද පෙළ

Palada Kadukasthana Song Lyrics - පැළඳ කඩුකස්ථාන ගීතයේ පද පෙළ
Song Title : Palada Kadukasthana (පැළඳ කඩුකස්ථාන)
ගායනය : එම්.එස්. ප්‍රනාන්දු
පද : ධර්ම ශ්‍රී කල්දේරා
තනුව හා සංගීතය : ප්‍රේමසිරි කේමදාස
1979 වසරේදී තිරගතවූ "මුවන්පැලැස්ස" චිත්‍රපටියේ ගීයකි.


පැළඳ කඩුකස්ථාන
ගමට නම්බුව ගේන
අපේ ආරච්චිල මැතින්දා වීරයා
අපේ ආරච්චිල මැතින්දා සූරයා
අපේ ආරච්චිල මැතින්දා වීරයා
අපේ ආරච්චිල මැතින්දා සූරයා

සද්ද විද්ද කඩුපුල්ලේ ගෙදර වීරයා
පරාද වී නෑ උපන් හපන් සූරයා
වංස පූජිතවූයේ රාජ පරම්පරාවේ //
සිංහ සෙයියාවෙන් අයුක්තියට පයින් ගසන්නේ
රාජ කාරිය දන්නේ

පැළඳ කඩුකස්ථාන
ගමට නම්බුව ගේන
අපේ ආරච්චිල මැතින්දා වීරයා (ඇහුනද)
අපේ ආරච්චිල මැතින්දා සූරයා
අපේ ආරච්චිල මැතින්දා (පේනව නේද) වීරයා (හහ් හහ් හා..)
අපේ ආරච්චිල මැතින්දා සූරයා (ඔව් ඔව්)

විනෝද වෙනවා එතුම කලාකාරයා
පරාද වී නෑ උපන් හපන් සූරයා

ලැබුණ පිණටම ඔහුගේ
මැණික සිරිකත වාගේ //
මෙන්න මෙහෙම අයයි ඉස්සර කාලේ රජ වූයේ
වාසනාව ගෙනාවේ

පැළඳ කඩුකස්ථාන
ගමට නම්බුව ගේන
අපේ ආරච්චිල මැතින්දා වීරයා  (පේනව නේද මැණිකේ පේනව නේද ආං)
(ඇත්ත ඇත්ත ) අපේ ආරච්චිල මැතින්දා සූරයා
අපේ ආරච්චිල මැතින්දා වීරයා
අපේ ආරච්චිල (හරි හරේ... ) මැතින්දා සූරයා

(ඇත්ත ඇත්ත )

සද්ද විද්ද කඩුපුල්ලේ ගෙදර වීරයා
පරාද වී නෑ උපන් හපන් සූරයා
වංස පූජිතවූයේ රාජ පරම්පරාවේ //
සිංහ සෙයියාවෙන් අයුක්තියට පයින් ගසන්නේ
රාජ කාරිය දන්නේ

පැළඳ කඩුකස්ථාන
ගමට නම්බුව ගේන
අපේ ආරච්චිල මැතින්දා (පේනව නේද) වීරයා
අපේ ආරච්චිල මැතින්දා සූරයා
අපේ ආරච්චිල මැතින්දා වීරයා
අපේ ආරච්චිල මැතින්දා වීරයා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment