Guwan Thotille Song Lyrics - ගුවන් තොටිල්ලේ ගීතයේ පද පෙළ

Guwan Thotille Song Lyrics - ගුවන් තොටිල්ලේ ගීතයේ පද පෙළ
Song Title : Guwan Thotille (ගුවන් තොටිල්ලේ)
ගායනය : සුජාතා අත්තනායක (එවකට සුජාතා පෙරේරා)
පද : කරුණාරත්න අබේසේකර
තනුව හා සංගීත අධ්‍යක්ෂණය : ටී. ෂෙල්ටන් පෙරේරා
චිත්‍රපටිය : දරු දුක (1967)


ගුවන් තොටිල්ලේ සඳ සැතපෙනවා
මගේ තුරුල්ලේ දුව නැළැවෙනවා
සුළං හමාලා ගෙයි තෙරපෙන්නේ
ඔබේ පියාගේ සුවඳයි එන්නේ
ගුවන් තොටිල්ලේ සඳ සැතපෙනවා
මගේ තුරුල්ලේ දුව නැළැවෙනවා

දරු දුක මට මෙන් හිතට දැනේවා
පොඩි දුව හීනෙන් ඔහුට පෙනේවා
හෙට හිමිදිරියේ අප වෙත ඒවා

ගුවන් තොටිල්ලේ සඳ සැතපෙනවා
මගේ තුරුල්ලේ දුව නැළැවෙනවා

යන එන තැන්හී හිත සැනසේවා
සතර වරම් දෙවි පිහිට ලැබේවා
දැඩි හිත ඔහුගේ යළි උණු වෙවා

ගුවන් තොටිල්ලේ සඳ සැතපෙනවා
මගේ තුරුල්ලේ දුව නැළැවෙනවා
සුළං හමාලා ගෙයි තෙරපෙන්නේ
ඔබේ පියාගේ සුවඳයි එන්නේ
ගුවන් තොටිල්ලේ සඳ සැතපෙනවා
මගේ තුරුල්ලේ දුව නැළැවෙනවා

ආ.. ආආ.. ආආආ.... //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment