Malk Wunoth Song Lyrics - මලක් වුනොත් ගීතයේ පද පෙළ

Malk Wunoth Song Lyrics - මලක් වුනොත් ගීතයේ පද පෙළ
Song Title : Malk Wunoth (මලක් වුනොත්)
ගායනය : සුජාතා අත්තනායක
පද : කරුණාරත්න අබේසේකර
සංගීතය : ආර්. මුත්තුසාමි
1962 දී තිරගතවූ 'ඔබ නැතිනම්' චිත්‍රපටියේ ගීයකි.


මලක් වුනොත් මල පිපෙන්න නටුවක් ඕනේ
දොළක් වුනොත් දොළ ගලන්න විලකුත් ඕනේ //

රළක් වුනොත් රළ නගින්න ගඟකුත් ඕනේ

රළක් වුනොත් රළ නගින්න ගඟකුත් ඕනේ
ගලක් වුනොත් ගල බඳින්න මුදුවක් ඕනේ
ඔරුව වුනොත් ඔරු පදින්න හබලක් ඕනේ
නැවක් වුනොත් නැවට යන්න වතුරත් ඕනේ

මලක් වුනොත් මල පිපෙන්න නටුවක් ඕනේ
දොළක් වුනොත් දොළ ගලන්න විලකුත් ඕනේ //

බතක් වුනොත් බත උයන්න හැළියක් ඕනේ

බතක් වුනොත් බත උයන්න හැළියක් ඕනේ
කෙතක් වුනොත් කෙත හාන්න නගුලක් ඕනේ
වැලක් වුනොත් වැල එතෙන්න ගහකුත් ඕනේ
ළඳක් වුනොත් දීග යන්න කෙනෙකුත් ඕනේ

මලක් වුනොත් මල පිපෙන්න නටුවක් ඕනේ
දොළක් වුනොත් දොළ ගලන්න විලකුත් ඕනේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment