Gi Gayana Ekathuwela Song Lyrics - ගී ගයන එකතුවෙලා ගීතයේ පද පෙළ

Gi Gayana Ekathuwela Song Lyrics - ගී ගයන එකතුවෙලා ගීතයේ පද පෙළ
Song Title : Gi Gayana Ekathuwela (ගී ගයන එකතුවෙලා)
ගායනය : රංජනී පෙරේරා සමග සුජාතා අත්තනායක (එවකට සුජාතා පෙරේරා)
පද : ජෝර්ජ් ලෙස්ලි රණසිංහ
තනුව : එම්.කේ. රොක්සාමි
1966 දී තිරගතවූ "කපටිකම" චිත්‍රපටියේ ගීයකි.


ගී ගයන එකතුවෙලා
අපි කුරුලු මුකුළු බලා
ඒ සැවොම වගේ නැළවි නැළවි ගිලෙමු විනෝදේ

ගී ගයන එකතුවෙලා
අපි කුරුලු මුකුළු බලා
ඒ සැවොම වගේ නැළවි නැළවි ගිලෙමු විනෝදේ //

ආදරේ හැඟුම් මවා කිරිල්ලී තුරුල්ලේ
ලල ලලල ලලල ලලල ලලල ලලල ලලල ලා

ආදරේ හැඟුම් මවා කිරිල්ලී තුරුල්ලේ
මී අඹේ රසේ පොවයි කුරුල්ලා රිකිල්ලේ
මේ උයනේ... හොයි හොයි හෝ..
මේ උයනේ
දකින දකින ඇසිල්ලේ
ආදරයේ
සිහින මැවේ නිදැල්ලේ

ගී ගයන එකතුවෙලා
අපි කුරුලු මුකුළු බලා
ඒ සැවොම වගේ නැළවි නැළවි ගිලෙමු විනෝදේ //

ජීවිතේ සුරංගනා ලොවක් වගේ පෙනෙන්නේ
ලල ලලල ලලල ලලල ලලල ලලල ලලල ලා

ජීවිතේ සුරංගනා ලොවක් වගේ පෙනෙන්නේ
වාසනා බරින් නැඟී නවෝදයක් දැනෙන්නේ
මේ උයනේ... හොයි හොයි හෝ..
මේ උයනේ
දකින දකින ඇසිල්ලේ
ආදරයේ
සිහින මැවේ නිදැල්ලේ

ගී ගයන එකතුවෙලා
අපි කුරුලු මුකුළු බලා
ඒ සැවොම වගේ නැළවි නැළවි ගිලෙමු විනෝදේ ///

ලා ලලල ලලා ලලල ලලා ලලා ලලා ලා /////

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment