Sathuta Soke Song Lyrics - සතුට සෝකේ ගීතයේ පද පෙළ

Sathuta Soke Song Lyrics - සතුට සෝකේ ගීතයේ පද පෙළ
Song Title : Sathuta Soke (සතුට සෝකේ)
ගායනය : ලතා වල්පොල
පද රචනය : කරුණාරත්න අබේසේකර
සංගීත අධ්‍යක්ෂණය : එම්. කේ. රොක්සාමි
1964 දී තිරගතවූ ධීවරයෝ චිත්‍රපටියෙනි.


සතුට සෝකේ ජය පරාජේ
අපටමයි මේ ලෝකයේ
එයට පිටුපා මෙලොව මිනිසා
කිසි තැනක දී නෑ ගියේ
සතුට සෝකේ ජය පරාජේ
අපටමයි මේ ලෝකයේ

අතට ආ ඒ රන් කුරුල්ලා
අතැර දැම්මේ ඇයි එදා
සිතට එකඟව සිතා බලනූ
දැවෙයි සෝකේ මුල මෙදා
ශෝචනීයයි ජීවිතේ
එනතුරා සැප මාරුතේ

සතුට සෝකේ ජය පරාජේ
අපටමයි මේ ලෝකයේ

බොන්න ගත් ඒ රිදී බඳුනේ
දිය සිඳී වියළී ගියා
දරුණු දෛවේ කාරුණික නෑ
බොහෝ විට නුඹ වේ දයා
ශෝචනීයයි ජීවිතේ
එනතුරා සැප මාරුතේ

සතුට සෝකේ ජය පරාජේ
අපටමයි මේ ලෝකයේ
එයට පිටුපා මෙලොව මිනිසා
කිසි තැනක දී නෑ ගියේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment