Prithiya Harde Pura Song Lyrics - ප්‍රීතිය හර්දෙ පුරා ගීතයේ පද පෙළ

Prithiya Harde Pura Song Lyrics - ප්‍රීතිය හර්දෙ පුරා ගීතයේ පද පෙළ
Song Title : Prithiya Harde Pura (ප්‍රීතිය හර්දෙ පුරා)
ගායනය : ලතා වල්පොල සහ පිරිස
පද රචනය : ඩබ්. බෙනඩික්ට් ප්‍රනාන්දු
තනුව හා සංගීතය : ආර්. මුත්තුසාමි
1956 දී තිරගත වූ රම්‍යලතා චිත්‍රපටියෙන්


ප්‍රීතිය හර්දෙ පුරා
දෙන්නම් සුන්දරා
නයනා රංජනා
හෝ ..... අමා රැඟුම් දී නුරා
(අමා රැඟුම් දී සැවොමා
අමා රැඟුම් දී නුරා) //

ඉඟටිය නළවලා.
රන් කුඹු සොලවලා
ඉඟටිය නළවලා (ආ..ආ..ආ..)
රන් කුඹු සොලවලා (ආ..ආ..ආ..)

සුරඟා රඟා දෙමී සිතේ දුකා සුන්කරා
(ලෝ සැපේ මේ තමා ප්‍රේමයේ උල්පතා)
කලා විලේ පිපී කුසුම් වාගේ මේ රූපිකා
(පෙම් පැණී දෙන්නටා කෝ අනේ භෘංගයා)

ප්‍රීතිය හර්දෙ පුරා
දෙන්නම් සුන්දරා
නයනා රංජනා
හෝ ..... අමා රැඟුම් දී නුරා
(අමා රැඟුම් දී සැවොමා
අමා රැඟුම් දී නුරා)

කාසිය පොදිය බැඳා
ලොව රස නොම විඳා
(කාසිය පොදිය බැඳා
ලොව රස නොම විඳා)

මසුරූ දනාගෙ මේ ජීවිතයෙන් ඵල කිමා
(ගඟ දියේ දැමු ඉණි ලෙස අනේ ඵල නැතේ)
එවන්නකෝ පොදිය පිටින් කාසී ඒ වාසනා
(පෙන්වමී සුර සැපේ මේ ලොවේ දී අපී)

ප්‍රීතිය හර්දෙ පුරා
දෙන්නම් සුන්දරා
නයනා රංජනා
හෝ ..... අමා රැඟුම් දී නුරා
(අමා රැඟුම් දී සැවොමා
අමා රැඟුම් දී නුරා)

ප්‍රීතිය හර්දෙ පුරා
දෙන්නම් සුන්දරා
නයනා රංජනා
හෝ .....  අමා රැඟුම් දී නුරා
(අමා රැඟුම් දී සැවොමා
අමා රැඟුම් දී නුරා)

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment