Adare Sapedo Song Lyrics - ආදරේ සාපෙදෝ ගීතයේ පද පෙළ

Adare Sapedo Song Lyrics - ආදරේ සාපෙදෝ ගීතයේ පද පෙළ
Song Title : Adare Sapedo (ආදරේ සාපෙදෝ)
ගායනය : ලතා වල්පොල
පද : ඩබ්. බෙනඩික්ට් ප්‍රනාන්දු
තනුව : ආර්. මුත්තුසාමි
1956 දී තිරගත වූ රම්‍යලතා චිත්‍රපටියේ ගීයකි.


ආදරේ සාපෙදෝ
හර්දයේහී මතුවෙනා
ආදරේ

අහසෙ මාලිගා තනාලා
උන්නෙමී මා වී මුලා

අහසෙ මාලිගා තනාලා
උන්නෙමී මා වී මුලා
නිෂ්ඵලයි සිතු දේ සැමා
මිරිඟුමවක් සේ වී ගියා
ආදරේ

තුරුළෙ ඔබ හා එකතු වීලා
ඔබෙ දෙපා සේවේ කරන්ටා

තුරුලෙ ඔබ හා එකතු වීලා
ඔබෙ දෙපා සේවේ කරන්ටා
පැතුව ඒ ආශාව මා
නිසරු වී මැලවී ගියා
ආදරේ

පාප අඳුරෙන් මා මුදාලා
ජීවිතේ ආලෝකෙ දීලා

පාප අඳුරෙන් මා මුදාලා
ජීවිතේ ආලෝකෙ දීලා
නීච වූ චාරේ නිසා මා
ඔබට පිළිකුල් වී ගියා

ආදරේ සාපෙදෝ
හර්දයේහී මතුවෙනා
ආදරේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment