Sandun Gase Saman Walak Song Lyrics - සඳුන් ගසේ සමන් වැලක් ගීතයේ පද පෙළ

Sandun Gase Saman Walak Song Lyrics - සඳුන් ගසේ සමන් වැලක් ගීතයේ පද පෙළ

Sandun Gase Saman Walak Song Lyrics - සඳුන් ගසේ සමන් වැලක් ගීතයේ පද පෙළ
Song Title : Sandun Gase Saman Walak (සඳුන් ගසේ සමන් වැලක්)
ගායනය : ජේ.ඒ. මිල්ටන් පෙරේරා සහ මල්ලිකා කහවිට
පද රචනය : කරුණාරත්න අබේසේකර
තනුව : පණඩිත් ඩබ්.ඩී. අමරදේව
'අදට වැඩිය හෙට හොඳයි' චිත්‍රපටියෙන්


සඳුන් ගසේ සමන් වැලක් එතෙන්නේ
සඳුන් ගසේ සමන් වැලක් එතෙන්නේ
සඳුන් ගසේ සමන් වැලක් එතෙන්නේ

සඳුන් ගසේ සමන් වැලක් එතෙන්නේ
නඳුන් වනේ සිහිල් සුවය සොයන්නේ
සඳුන් ගසේ සමන් වැලක් එතෙන්නේ
නඳුන් වනේ සිහිල් සුවය සොයන්නේ
සැලී වෙලී දෙගොඩ තලා ගඟක් ගලයි සයුර බලා
මුහුදට යාවි ගඟ හාදු පුදාවී
සඳුන් ගසේ සමන් වැලක් එතෙන්නේ

මී අඹ දළු සිලි සිලි ගා නටන්නේ
කාටද මේ කාටද අත වනන්නේ
මී අඹ දළු සිලි සිලි ගා නටන්නේ
කාටද මේ කාටද අත වනන්නේ
මල වට කර වන බඹරිදු බමන්නේ
මදු රස දැනිලාද මෙසේ රඟන්නේ
පිල් විදහා රණ මයුරා රන් රැඟුමක් පාවි නුරා
ඒ දුටු මයුරී බලයි සතුටින් ඉපිලී
සඳුන් ගසේ සමන් වැලක් එතෙන්නේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment