Hada Sinimawe Song Lyrics - හද සිනිමාවේ ගීතයේ පද පෙළ

Hada Sinimawe Song Lyrics - හද සිනිමාවේ ගීතයේ පද පෙළ
Song Title : Hada Sinimawe (හද සිනිමාවේ)
ගායනය : ලතා වල්පොල
පද : ඩබ්. විල්ෆ්‍රඩ් සිල්වා
තනුව : හින්දි හෝ ද්‍රවිඪ ගීයකිනි.
සංගීතය : ටී.ආර්. පාපා
1960 දී තිරගතවූ "සුන්දර බිරිඳ" චිත්‍රපටියේ ගීයකි.


හද සිනිමාවේ
නළඟන මා වේ
ඔබ හමුවේ නටන්න සිත බැඳුණේ

ආදර සාගරේ
පාරුව මා ඔබේ පදිමුකෝ අපි ඉවුරට ප්‍රේමේ
හා.... ආ... ආ.. ආආ ආ....

සාලිය 'සෝකා වාගෙ දෙන්න ආලේ
ආදර ගී කියන්න යාමු සැන්දෑ කාලේ //
මා හද මන්දිරේ
ප්‍රීතියේනී හදේ
පූජාසනේ පිදු මල වෙමි මා

හද සිනිමාවේ
නළඟන මා වේ
ඔබ හමුවේ නටන්න සිත බැඳුණේ

හා.... ආ... ආ.. ආආ ආ....

ප්‍රේම විමානේ මා අනංග රාජා
වීරයෙකී ප්‍රසන්න පෑ සුරම්‍ය තේජා //
මා මන අභිලාෂේ
වේවිද අවකාසේ
ගන්නට ඔබ සිත තුළ ඇති දේ

හද සිනිමාවේ
නළඟන මා වේ
ඔබ හමුවේ නටන්න සිත බැඳුණේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment