Yauwanayedi Athinatha Alla Song Lyrics - යෞවනයේදී අතිනත අල්ලා ගීතයේ පද පෙළ

Yauwanayedi Athinatha Alla Song Lyrics - යෞවනයේදී අතිනත අල්ලා ගීතයේ පද පෙළ
Song Title : Yauwanayedi Athinatha Alla (යෞවනයේදී අතිනත අල්ලා)
ගායනය : නීලා වික්‍රමසිංහ සමග කපිල හේරත්
පද : අශෝක කෝවිලගේ
තනුව : නීලා වික්‍රමසිංහ


යෞවනයේදී අතිනත අල්ලා
උයන් තෙරේ පිය නැඟුව අපී
සැඳෑ සමේදිත් ඒ අත අල්ලා
වෙද ගෙදරට පිය නඟන හැටී

රෝස සුවඳ මට දැණුනයි
පැරණි උයන් තෙර පෙනුනයි
ප්‍රේමය කවදත් තරුණයි
අප දෙදෙනා නම් මහලුයි
දෙදෙනා නම් මහලුයි
සියුම් දුකක් හෝ සිතට දැනේනම්
එපා උයන් තෙර දිහා බලන්නට
වෙද ගෙදරට යමු පසුකර මල් වතු
අබල දුබල ගති නිවා දමන්නට

ලෝකයෙ වෙනසත් පුදුමයි
කාලයෙ වෙනසත් අරුමයි
වෙනස් නූයෙ අප දෙදෙනයි
ඒ නිසාම සිත තරුණයි
දෙදෙනා නම් මහලුයි

අපගෙන් හිස්වුණු උයන් තෙරට දැන්
අලුත් පෙම්වතුන් රන්න ඇතී
උපැස් යුවල යටැසින් නොබලනු මැන
දුකෙන් වගේ මල් සිනාසෙතී

පෙම් පත් ගිලිහී වැටුණයි
බණ පොත් අත මත රැඳුණයි
බුදු බණ මහිමය පෙනුනයි
සසරේ ගමනද දුකමයි
සසරේ ගමනද දුකමයි
දෙදෙනා නම් මහලුයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment