Viyo Gee Gayena Hade Song Lyrics - වියෝ ගී ගැයෙනා හදේ ගීතයේ පද පෙළ

Viyo Gee Gayena Hade Song Lyrics - වියෝගී ගැයෙනා හදේ ගීතයේ පද පෙළ
Song Title : Viyo Gee Gayena Hade (වියෝගී ගැයෙනා හදේ)
ගායනය : නීලා වික්‍රමසිංහ
පද : මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව : නිමල් මෙන්ඩිස්
සංගීත සංයෝජනය : ප්‍රේමලාල් දන්වත්ත
1978 දී තිරගතවූ ගැහැණු ළමයි චිත්‍රපටියේ ගීයකි.


වියෝගී ගැයෙනා හදේ
ආදර මල් නොමියේ
සදා මේ සංසාරේ
අපේ හමුවීම නොවේ //

අතීතයේ මායා රූ කැඩී බිඳීනාවී
අනාත වූ මා දෑසේ
කතා නිමාවේවී

මගේ කඳුළු හංගා
මා සිනාසිසී ඉන්නේ
ඔබේ ලොවේ හිරු පායා
සදා සිනාසේවා

වියෝගී ගැයෙනා හදේ
ආදර මල් නොමියේ
සදා මේ සංසාරේ
අපේ හමුවීම නොවේ //

අනාගතේ සීනේ
නෑ මෙදා සැබෑ වන්නේ
මිලාන වූ ආකාසේ
අපේ පැතුම් පාවේ

මගේ පැලේ තනිවී
මා සුසුම් හෙළන වේලේ
ඔබේ ලොවේ හිරු පායා
සදා සිනාසේවා

වියෝගී ගැයෙනා හදේ
ආදර මල් නොමියේ
සදා මේ සංසාරේ
අපේ හමුවීම නොවේ

වියෝගී ගැයෙනා හදේ
ආදර මල් නොමියේ
සදා මේ සංසාරේ
අපේ හමුවීම නොවේ

වියෝගී ගැයෙනා හදේ
ආදර මල් නොමියේ
සදා මේ සංසාරේ
අපේ හමුවීම නොවේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment