Ruhi Ranchu Handa Ahala Song Lyrics - රෑහි රංචු හඬ අහලා ගීතයේ පද පෙළ

Ruhi Ranchu Handa Ahala Song Lyrics - රෑහි රංචු හඬ අහලා ගීතයේ පද පෙළ
Song Title : Ruhi Ranchu Handa Ahala (රෑහි රංචු හඬ අහලා)
ගායනය : නීලා වික්‍රමසිංහ
පද : ප්‍රියානන්ද විජේසුන්දර
තනුව : ආචාර්ය රෝහණ වීරසිංහ


රෑහි රංචු හඬ අහලා හැන්දෑවට තරු බලන්න
බකිනි ගහේ ඉඟි කරනා කලාමැදිරි මල් ගණින්න
ඉස්සර වගෙ ගොම්මනේට අම්මා එන මඟ බලන්න
අක්කණ්ඩී ....
ඉඳි වැට ගාවට යමුද හිනා මල් මවන්න

කුප්පි ලාම්පුවෙ එළියෙන් බිත්තියෙ හෙවණැලි අඳින්න
ඉරටු ඉලක්කම් ගැණලා පුංචි කතන්දර අහන්න
කෝම්පිට්ටු ගෙදර ඉඳන් සණ්ඩු වෙවී ඇද කරන්න
අක්කණ්ඩී ....
ඒ පුංචි ලොවට යමුද හිනා මල් මවන්න

හැන්දෑවට හඳ එළියේ සාරි පොඩිත්තක් අඳින්න
හීතලේට නිදි පැදුරේ තුරුලු වෙලා නිදාගන්න
ලියදි උඩින් පියමං කොට දං වාරෙට දං කඩන්න
අක්කණ්ඩී ....
ඒ පුංචි ලොවට යමුද හිනා මල් මවන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment