Sithak Kelesada Me Tharam Song Lyrics - සිතක් කෙලෙසද මේ තරම් ගීතයේ පද පෙළ

Sithak Kelesada Me Tharam Song Lyrics - සිතක් කෙලෙසද මේ තරම් ගීතයේ පද පෙළ
Song Title : Sithak Kelesada Me Tharam (සිතක් කෙලෙසද මේ තරම්)
ගායනය : මාලනී බුලත්සිංහල
පද රචනය : කුලරත්න ආරියවංශ
සංගීතය : රෝහණ වීරසිංහ


සිතක් කෙලෙසද මේ තරම්
වේදනාවන් විදින්නේ
නෙතක් කෙලෙසද මේ තරම්
දුකට කදුළැලි සලන්නේ //

‍ඔබෙන් වෙන්වී ගෙවෙන මොහොතද
කල්පයක් වී දැනේ නම් //
ඔබෙන් තොර හෙට දිනක් ගැන මා
සිතා ගන්නේ කෙලෙසදෝ

සිතක් කෙලෙසද මේ තරම්
වේදනාවන් විදින්නේ
නෙතක් කෙලෙසද මේ තරම්
දුකට කදුළැලි සලන්නේ //

සුසුම් කදුළැල් සිහින පමණක්
උරුමයන් වී සදා කල් //
සතුට මොහොතක මිරිඟුවක් වී
බිඳී යන්නේ ඇයි මෙසේ

සිතක් කෙලෙසද මේ තරම්
වේදනාවන් විදින්නේ
නෙතක් කෙලෙසද මේ තරම්
දුකට කදුළැලි සලන්නේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment