Sansara Durga Mawathe Song Lyrics - සංසාර දුර්ග මාවතේ ගීතයේ පද පෙළ

Sansara Durga Mawathe Song Lyrics - සංසාර දුර්ග මාවතේ ගීතයේ පද පෙළ
Song Title : Sansara Durga Mawathe (සංසාර දුර්ග මාවතේ)
ගායනය : ප්‍රදීපා ධර්මදාස
පද රචනය : කුලරත්න ආරියවංශ
තනුව හා සංගීතය : ආචාර්ය රෝහණ වීරසිංහ


මේ දීර්ඝ චාරිකාවේ
ඔබ හමු නොවුණා නම්
ඔබ අත්වැල නොවුණා නම්
සංසාර දුර්ග මාවතේ

මේ දිගු මාවත තරණය කරමි කෙසේ
ගිරි දුගුලෙහි ගැටෙනා
පියවර රැක දෙවනා
ඔබ පිළිසරණ නොවේ නම්
මගෙ සකිසඳාණනී

සංසාර දුර්ග මාවතේ

මේ රුදු තාපය උහුලා ගම් ද කෙසේ
ලෝ දහමින් පෙළෙනා
සිත සුවපත් කරණා
ඔබ ගුණ සිසිල නොවේ නම්
හද වෙදැදුරාණනී

සංසාර දුර්ග මාවතේ
මේ දීර්ඝ චාරිකාවේ
ඔබ හමු නොවුණා නම්
ඔබ අත්වැල නොවුණා නම්
සංසාර දුර්ග මාවතේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment