Saba Urumakkarayanani Song Lyrics - සැබෑ උරුමක්කාරයාණනි ගීතයේ පද පෙළ

Saba Urumakkarayanani Song Lyrics - සැබෑ උරුමක්කාරයාණනි ගීතයේ පද පෙළ
Song Title : Saba Urumakkarayanani (සැබෑ උරුමක්කාරයාණනි)
ගායනය : ප්‍රදීපා ධර්මදාස
පද රචනය : මහාචාර්ය සමන්ත හේරත්
තනුව හා සංගීතය : ආචාර්ය ප්‍රේමසිරි කේමදාස


සැබෑ උරුමක්කාරයාණනි
සංසාරගත ප්‍රේමයේ ඔබ
ඔබ සොයා ආවා //

කැදැල්ලේ හුන් කිරිල්ලී මා
චණ්ඩ මාරුතයේ හැපී ගිය
ආලයේ දඩයමට හසුවී
සොවින් ඉකිගසමින්
සිනාසී උනිමි

සැබෑ උරුමක්කාරයාණනි

අතීතේ කදුළැලි විලේ පිපි
එකම සියපත ඔබය හිමි සද
ඔබම අසහන සිසුවියට යළි
ශිල්ප දුන මැනවි
ඇදුරු කුමරිඳුනි

සැබෑ උරුමක්කාරයාණනි
සංසාරගත ප්‍රේමයේ ඔබ
ඔබ සොයා ආවා //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment