Sanda Ahasa Wage Song Lyrics - සැන්දෑ අහස වගේ ගීතයේ පද පෙළ

Sanda Ahasa Wage Song Lyrics - සැන්දෑ අහස වගේ ගීතයේ පද පෙළ
Song Title : Sanda Ahasa Wage (සැන්දෑ අහස වගේ)
ගායනය : මාලිනී බුලත්සිංහල
පද : ලූෂන් බුලත්සිංහල
තනුව : එච්.එම්. ජයවර්ධන


සැන්දෑ අහස වගේ සැරසී මට ඉන්න කියා
කියන්න ඇයි ඔබ නාවේ
මා රිදවන්න ද සිතුවේ //

හිස ගවසන්න සිතා සමන් පිච්ච පොකුරු ගෙනා
අහසට විසිකෙරුවා මං
රෑ කල අහස බලන ඔබට පෙනේවී
හිතන්නෙපා තරුයි කියා ඔබ රැවටේවී

සැන්දෑ අහස වගේ සැරසී මට ඉන්න කියා
කියන්න ඇයි ඔබ නාවේ
මා රිදවන්න ද සිතුවේ //

කන පළඳින්න ගෙනා තෝඩු දෙකෙන් එකක් කඩා
අහසට විසිකෙරුවා මං
රෑ කල අහස බලන ඔබට පෙනේවී
හිතන්නෙපා අඩ සඳ යැයි ඔබ රැවටේවී

සැන්දෑ අහස වගේ සැරසී මට ඉන්න කියා
කියන්න ඇයි ඔබ නාවේ
මා රිදවන්න ද සිතුවේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment