Himi Nathi Pemakata Song Lyrics - හිමි නැති පෙමකට ගීතයේ පද පෙළ

Himi Nathi Pemakata Song Lyrics - හිමි නැති පෙමකට ගීතයේ පද පෙළ
Song Title : Himi Nathi Pemakata (හිමි නැති පෙමකට)
ගායනය : විශාරද මාලිනී බුලත්සිංහල
පද : කැමිලස් පෙරේරා
තනුව : ආචාර්ය රෝහණ වීරසිංහ


හිමි නැති පෙමකට ඉකිබිඳ හැඬුමට
සිත මගෙ බොළඳ වෙලා
අන් සතු හදකට පෙම් කළ වරදට
ලොව මට එරෙහි වෙලා //

කියාගන්න මට දහසක් දේ ඇත
මතු දවසක ඔබ හා තනිවී
හමුවන්නට බෑ උකුසු වෙසින් ඇත
නෙතු දහසක් අප වෙත යොමුවී

හිමි නැති පෙමකට ඉකිබිඳ හැඬුමට
සිත මගෙ බොළඳ වෙලා
අන් සතු හදකට පෙම් කළ වරදට
ලොව මට එරෙහි වෙලා

කිරිල්ලියක ලෙස ඉගිලී එන්නට
සිතෙයි අත්තටු නැතිද මැවී
වරම් නොවේ මට ඔබ හමුවන්නට
ඈතින් හිඳ හිනැහෙනු මැනවී

හිමි නැති පෙමකට ඉකිබිඳ හැඬුමට
සිත මගෙ බොළඳ වෙලා
අන් සතු හදකට පෙම් කළ වරදට
ලොව මට එරෙහි වෙලා //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment