Pelin Pelata Song Lyrics - පෙළින් පෙළට ගීතයේ පද පෙළ

Pelin Pelata Song Lyrics - පෙළින් පෙළට ගීතයේ පද පෙළ
Song Title : Pelin Pelata (පෙළින් පෙළට)
ගායනය : මාලිනී බුලත්සිංහල
පද : විපුල් ධර්මප්‍රිය ජයසේකර
තනුව : එච්.එම්. ජයවර්ධන


පෙළින් පෙළට රිය පෙරහැර මග නැත
දොරින් දොරට සැරසිලි හැඩ වැඩ නැත
හැඩට රුවට තැලිපිළි ද නැතේ මට
එනමුදු අද ඔබෙ මනමාලිය මම

තුඩින් තුඩට ආසිරි ගී පද නැත
ඇතෙක් බරට දායාදය මට නැත
බුලත් හුරුළු දී අවසර ගෙන නැත
එනමුදු අද ඔබෙ මනමාලිය මම

පෙළින් පෙළට රිය පෙරහැර මග නැත
දොරින් දොරට සැරසිලි හැඩ වැඩ නැත
හැඩට රුවට තැලිපිළි ද නැතේ මට
එනමුදු අද ඔබෙ මනමාලිය මම

නිමල සිතින් හද නොමල පැතුම් ගෙන
රන් රස සිතුවිලි ඇත සිත සතුටට
නෙත් සිත් දහසක් නැතුවට වටකොට
ඔබ අත ගෙන එමි සසර පුරුද්දට

පෙළින් පෙළට රිය පෙරහැර මග නැත
දොරින් දොරට සැරසිලි හැඩ වැඩ නැත
හැඩට රුවට තැලිපිළි ද නැතේ මට
එනමුදු අද ඔබෙ මනමාලිය මම ////

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment