Pita Dipa Desha Jaya Gaththa Song Lyrics - පිට දීප දේශ ජය ගත්තා ගීතයේ පද පෙළ

Pita Dipa Desha Jaya Gaththa Song Lyrics - පිට දීප දේශ ජය ගත්තා ගීතයේ පද පෙළ
Song Title : Pita Dipa Desha Jaya Gaththa (පිට දීප දේශ ජය ගත්තා)
ගායනය : මාලිනී බුලත්සිංහල
පද : ඩබ්.ඩී.එම්. ඇල්බට්
මුල් ගායනය : ලක්ෂ්මී බායි


පිට දීප දේශ ජය ගත්තා
ආදී සිංහලුන් 
පිට දීප දේශ ජය ගත්තා 

තම රට දේවල් පිට රට පටවා 
පිට කාසිය මෙහි ඇද්දා //

පිට දීප දේශ ජය ගත්තා
ආදී සිංහලුන් 
පිට දීප දේශ ජය ගත්තා

පිටරට සිරිතට දිව දික් කරනා 
අද සිංහල කළු සුද්දා //

කන්ට අදින්ටා පිටරටින් එනතුරු 
මුහුදට දත නියවන්නා //

පිට දීප දේශ ජය ගත්තා
ආදී සිංහලුන් 

හෙරළි බතල ටික නුපුරුදු අම්මා 
රට හාලේ බත කාලා //

කිරි නැති හින්දා රට කිරි දීලා 
සිංහල දරුවෝ මරන්නා //

පිට දීප දේශ ජය ගත්තා
ආදී සිංහලුන්

පිටරට හාලේ බත් ටික නැත්නම්
බඩගින්නේ සිංහලයා //

අන්තිමේදී බුදියන පැදුරත් 
දැන් දැන් පිටරටින් එන්නා

පිට දීප දේශ ජයගත්තා 
ආදී සිංහලුන්

ගායනය : ලක්ෂ්මී බායි (මුල් ගායනය නොවේ.)
පද : ඩබ්.ඩී.එම්. ඇල්බට්

හින්දි ගී තනුවකි. කේ. අස්වාතම්මා විසින් 1937 දී තිරගත වූ "චින්තාමනී" චිත්‍රපටියට ගායනා කළ, "දිව්‍ය දර්ශනම්" නම් ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.(මාලිනී ගයන්නේ මුල් ගීයෙන් කොටසක් පමණි)

පිට දීප දේශ ජය ගත්තා
ආදී සිංහලුන්
පිට දීප දේශ ජය ගත්තා //

පිට රට සිරිතට දිව දික් කරනා
අපෙ සිංහල කළු සුද්දා //

කන්ට අදින්ටා පිට රටින් එන තුරු
මුහුදට දත නියවන්නා //

පිට දීප දේශ ජය ගත්තා

ආදී සිංහලුන්
පිට දීප දේශ ජය ගත්තා

හෙරළි බතල ටික නුපුරුදු අම්මා
රට හාලේ බත කාලා //

කිරි නැති හින්දා රට කිරි දීලා
සිංහල දරුවො මරන්නා //

පිට දීප දේශ ජය ගත්තා

ආදී සිංහලුන්
පිට දීප දේශ ජය ගත්තා //

ලක්ෂ්මී බායි මහත්මිය ස්වාධී රූපවානීයේ වැඩසටහනක  මේ ගීය ගැයූ අයුරු

අස්වාතම්මා විසින් 1937 දී තිරගත වූ "චින්තාමනී" චිත්‍රපටියට ගායනා කළ, "දිව්‍ය දර්ශනම්" නම් ගීය

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment