Numbe Asha Song Lyrics - නුබේ ආශා ගීතයේ පද පෙළ

Numbe Asha Song Lyrics - නුබේ ආශා ගීතයේ පද පෙළ
Song Title : Numbe Asha (නුබේ ආශා)
Artist : Zany Inzane, Sam-P
Director : Vinodh Jaymal (CrowMafia)
Art Works : Raveesha Madushan @Rednote
Music : Sam-P Beatz
Lyrics : Zany Inzane
Label : AirXone Musik
Digital Media Mgmt : Eranda Madusinghe


අරගත්තා මම මාළුවෙක් ගොඩට දියෙන්
ගැහෙන්නෙ රාගෙන් මිස නෑ මරණ බියෙන්
කෙල්ලෙ ඔයා අඟවන්න මං තේරුම් ගන්නම් ඕනෙ දේවල්
කිසි දෙයක් කරන්න ඕනෙ නෑ හදිස්සියෙන්

හේතුවක් නෑ මට රණ්ඩු වෙන්න
පුළුන් වගෙ ඔයත් බලන් ඉන්නෙ පත්තු වෙන්න
ආදරෙන් මං පරාදයි මගෙම නඩුවෙන්ම
සායම් ඕනෙ නෑ සිපගන්න රතු වෙන්න
නොදැක ඈතින්
ගෙවෙන්නෙ හෝරා ඉන්න මං ගාවින් ඔයාටත් ඕනා
ආසම පාටින් කොහෙන්ද දෝලා
හිතමු රහසින් හිතන දේවල්

ආදරෙ විභහගෙ වැඩිම ලකුණු ඔයා
එක මලෙන් සෑහෙන්නෙ වෙන මලක නොයා
ආවා ගොඩක් දුර බලන් එකිනෙකා දිහා
අපි අතරෙ වෙච්ච දේවල් අතීතෙ අරන් ගියා

නුඹ තමයි මං ලගට ආවේ එදා නිවලා මගෙ අපායෙ ලාවා
අපි ලියන මේ කෙටි කතාවේ කිසි තැනක තිබුණෙ නැහැ බාධා
අපි බැඳුනා නොසන්සිසෙඳෙන කාමෙන්
තව නැහැ නිමා වෙලා නුඹෙ ආශා
ඔයා හැමදේම අඟවන්න දෑසින්
මම තේරුම් ගන්න දන්නවා ඒ භාශා

නුඹ තමයි මං ලගට ආවේ එදා නිවලා මගෙ අපායෙ ලාවා
අපි ලියන මේ කෙටි කතාවේ කිසි තැනක තිබුණෙ නැහැ බාධා
අපි බැඳුනා නොසන්සිසෙඳෙන කාමෙන්
තව නැහැ නිමා වෙලා නුඹෙ ආශා
ඔයා හැමදේම අඟවන්න දෑසින්
මම තේරුම් ගන්න දන්නවා ඒ භාශා

උපමා කරන්න බැහැ නුඹව කිසි දේකට
ඔයත් පුරුදු උනා මං වගේම ඕන දේකට
විරහවක් නෑ මේ ආදර කතාවෙ එක කඳුලු බිංදුවක් නෑ හොයන්න බෙහෙතකට

අද වෙනකං නෑ වෙනසක්
ඔයා පිරෙව්වෙ මං නොදැකපු හිඩැසක්
කලාතුරෙන් සමහර දාට සමානයි ගාසා මගෙ මුහුදට ඔයා එක වෙරළක්

මේ ආදරෙ නවකතාවක් මගෙ වීරක්‍රියා හැමදාම බිහිසුනු අත්දැකීම්
මේ ජීවිතෙ හොඳම ගුරුවරයා වැරදීම්
ජීවිතෙ හොඳම තීරණ මැව්වෙ රැවටීම්

ආදරෙ වගේම රාගෙ එකම තරාදියෙ දෙපැත්ත
ඔයාම කියන්න මං සමාන කළෙ නැද්ද
දඬුවම් දෙන්නෙ මගෙ නීතිමාලාව අනුව
වෙනස් වෙන්නෙ වීණාව නෙවෙයි වයන තනුව

නුඹ තමයි මං ලගට ආවේ එදා නිවලා මගෙ අපායෙ ලාවා
අපි ලියන මේ කෙටි කතාවේ කිසි තැනක තිබුණෙ නැහැ බාධා
අපි බැඳුනා නොසන්සිසෙඳෙන කාමෙන්
තව නැහැ නිමාවෙලා නුඹෙ ආශා
ඔයා හැමදේම අඟවන්න දෑසින්
මම තේරුම් ගන්න දන්නවා ඒ භාශා

නුඹ තමයි මං ලගට ආවේ එදා නිවලා මගෙ අපායෙ ලාවා
අපි ලියන මේ කෙටි කතාවේ කිසි තැනක තිබුණෙ නැහැ බාධා
අපි බැඳුනා නොසන්සිසෙඳෙන කාමෙන්
තව නැහැ නිමාවෙලා නුඹෙ ආශා
ඔයා හැමදේම අඟවන්න දෑසින්
මම තේරුම් ගන්න දන්නවා ඒ භාශා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment