Pavuru Valallak Badala Song Lyrics - පවුරු වළල්ලක් බැඳලා ගීතයේ පද පෙළ

Pavuru Valallak Badala Song Lyrics - පවුරු වළල්ලක් බැඳලා ගීතයේ පද පෙළ

Pavuru Valallak Badala Song Lyrics - පවුරු වළල්ලක් බැඳලා ගීතයේ පද පෙළ
Song Title : Pavuru Valallak Badala (පවුරු වළල්ලක් බැඳලා)
ගායනය : ඉන්ද්‍රානි පෙරේරා සහ ඇනස්ලි මාලේවන
පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව හා සංගීතය : ක්ලැරන්ස් විජේවර්ධන


පවුරු වළල්ලක් බැඳලා
සතර අතේ අවි ගත් මුර සෙබළුන් යොදලා
පවුරු වළල්ලම බිඳලා
මං එන්නවා මුරකාවල් අතරින් මිදිලා
පවුරු වළල්ලක් බැඳලා

කවුළු දොරින් බලා ඉඳිමි
‍ඔබ එනතුරු බලා ඉඳිමි //
ඇතින් පිය මනිනු දකිමි
සුසුම් හෙලා හඬා වැටෙමි
සුසුම් හෙලා හඬා වැටෙමි

පවුරු වළල්ලක් බැඳලා
සතර වටේ අවි ගත් මුර සෙබළුන් යොදලා
පවුරු වළල්ලම බිඳලා
මං එන්නවා මුරකාවල් අතරින් මිදිලා
පවුරු වළල්ලක් බැඳලා

නිරතුරු ඔබෙ මුහුණ දකිමි
පෙම් සටනින් පැරද නොයමි //
ලොවක් නොමැත අපිට අහිමි
ඔබ හා මිස තනිව නොයමි
ඔබ හා මිස තනිව නොයමි

පවුරු වළල්ලක් බැඳලා
සතර අතේ අවි ගත් මුර සෙබළුන් යොදලා
පවුරු වළල්ලම බිඳලා
මං එන්නවා මුරකාවල් අතරින් මිදිලා //

පවුරු වළල්ලක් බැඳලා
මං එන්නවා මුරකාවල් අතරින් මිදිලා ////

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment