Me Sayuru Mane Song Lyrics - මේ සයුරු මානේ ගීතයේ පද පෙළ

Me Sayuru Mane Song Lyrics - මේ සයුරු මානේ ගීතයේ පද පෙළ
Song Title : Me Sayuru Mane (මේ සයුරු මානේ)
ගායනය : රාජ් වික්‍රමසිංහ
තනුව : අර්නි පීරිස්


මේ සයුරු මානේ මා තනිවෙලා
මේ සයුරු මානේ මා තනිවෙලා
මේ නැව්තලේ සිරවෙලා
මා පාළුවේ තනිවෙලා
හද වේදනා නොදී සඳේ
සැඟවෙන් නිශා තලාවේ
මේ සයුරු මානේ මා තනිවෙලා

සීත සුළඟේ පාව එන්නේ සුවඳයි මතකයේ
හසුනක සැඟවී මා හඬවාලා මුමුණයි හඬ ඔබේ
දින දින ගෙවිලා පැතුමන් ලියලා ඉවසුම් නෑ සිතේ
කවදා කෙලෙසින් ඔබ වෙත එන්නේ වද දෙයි සිත මගේ
ප්‍රාර්ථනාවන් ලියවෙයි දෑසේ කඳුලින් ජීවිතේ

සීත මීදුම් පේන මානේ කිඳුරන් ගී ඇසේ
තාරකා මල් පිපෙන විමානේ ඔබගේ රුව මැවේ
දහසක් බාධා අතරින් මිදිලා සැනසුම් සොය සොයා
සිත සතපවනා නැව්තොට පෙනිලා ආශා පිබිදුනේ
මිනිසෙකු වනු මිස දෙවියෙකු නොව මා වටහා ගනු මැනේ

මේ සයුරු මානේ මා තනිවෙලා
මේ සයුරු මානේ මා තනිවෙලා
මේ නැව්තලේ සිරවෙලා
මා පාළුවේ තනිවෙලා
හද වේදනා නොදී සඳේ
සැඟවෙන් නිශා තලාවේ
මේ සයුරු මානේ මා තනිවෙලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment