Mage Pala Thula Song Lyrics - මගේ පැල තුළ ගීතයේ පද පෙළ

Mage Pala Thula Song Lyrics - මගේ පැල තුළ ගීතයේ පද පෙළ
Song Title : Mage Pala Thula (මගේ පැල තුළ)
ගායනය : විශාරද මාලිනී බුලත්සිංහල
පද : දයා ශාන්ත කාරියවසම්
තනුව : ආචාර්ය රෝහණ වීරසිංහ


මගේ පැල තුළ මගේ තනියට කඳුළ ළඟ හිඳුවා
ප්‍රියේ ඔබ ගිය පුවත ලොව වෙත ඉඳිමි මම සඟවා //

සරා හැඟුමක රසය විඳුමට ඔබට සිත දී නම්
ඔබේ සිත යට මගේ පෙම මට අහිමිවී යා නම්
කෙසේ ඉවසා සිටින්නද මා මසිත වැළපේ නම්
ගැලී තනිකම රැයේ අඳුරේ තුරුලු කර ගමි මම්

මගේ පැල තුළ මගේ තනියට කඳුළ ළඟ හිඳුවා
ප්‍රියේ ඔබ ගිය පුවත ලොව වෙත ඉඳිමි මම සඟවා

ලොවම දෙදරා අහස ගුගුරා හඬා වැටුණාවේ
මසිත මා ළඟ වැළපෙනායුරු ඔබට දැනුණාවේ
සුසුම් කඳුළැලි සදා ඔබ වෙත උරුම නොවුණාවේ
රුදුරු පෙම් ලොව කටුක දිවි මඟ මටම ලැබුණාවේ

මගේ පැල තුළ මගේ තනියට කඳුළ ළඟ හිඳුවා
ප්‍රියේ ඔබ ගිය පුවත ලොව වෙත ඉඳිමි මම සඟවා //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment