Samanalun Rodak Song Lyrics - සමනලුන් රොදක් ගීතයේ පද පෙළ

Samanalun Rodak Song Lyrics - සමනලුන් රොදක් ගීතයේ පද පෙළ
Song Title : Samanalun Rodak (සමනලුන් රොදක්)
ගායනය : මාලිනී බුලත්සිංහල
පද : නිලාර් එන්. කාසිම්
තනුව : නාලක අංජන කුමාර


සමනලුන් රොදක් නිල් ගොයමට වියන් බඳී නම්
වේලි තනා දියමංකඩ වෙනස් කළේ නම්
ඇල්වීයෙන් බහු රූ කෝලම් තනවා නම්
සාගින්න ඇයිද අවුදින් නුඹ බින්න බහින්නේ

මද ඇතුන් බලැති වේ මං පෙත ඉගිල ගියේ නම්
වාසුකී නා රදහු මිහි මත පෙනේ කරත් නම්
නරනිඳුන් බලැති ඔද තෙද මුළු දියත පතළ නම්
සාගින්න ඇයිද අවුදින් නුඹ බින්න බහින්නේ

සමනලුන් රොදක් නිල් ගොයමට වියන් බඳී නම්
වේලි තනා දියමංකඩ වෙනස් කළේ නම්
ඇල්වීයෙන් බහු රූ කෝලම් තනවා නම්
සාගින්න ඇයිද අවුදින් නුඹ බින්න බහින්නේ

නරනිඳුන් නිතින අසෙනිය මල් වරුසාවේ නම්
නැණ බරණ දැරූ වියතුන් දුල කිත් යසසින් නම්
ගොවි රදන් මඩින් බට හිස මත කිරුළු දැරී නම්
සාගින්න ඇයිද අවුදින් නුඹ බින්න බහින්නේ

සමනලුන් රොදක් නිල් ගොයමට වියන් බඳී නම්
වේලි තනා දියමංකඩ වෙනස් කළේ නම්
ඇල්වීයෙන් බහු රූ කෝලම් තනවා නම්
සාගින්න ඇයිද අවුදින් නුඹ බින්න බහින්නේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment