අල දෝසි හදමු (Ala Dosi Hadamu)

අල දෝසි හදමු (Ala Dosi Hadamu) - Your Choice Way

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • 🍁 අර්තාපල් 500g ක්
  • 🍁 සීනි 700g ක්
  • 🍁 කිරිපිටි මේස හැඳි 2 ක් 
  • 🍁 බටර් හෝ මාගරින් මේස හැඳි 1 ක් 
  • 🍁 වැනිලා තේ හැඳි 1 ක්
  • 🍁 ලුනු ස්වල්පයක් 
  • 🍁 කරඳමුංගු කුඩු ටිකක් 

✅ සාදා ගන්නා ආකාරය :

  1. 💥 මුලින්ම අල තම්බා පොතු ඉවත් කර ගන්න.
  2. 💥 දැන් අල ටික කෑලි නොසිටින සේ හොඳින් පොඩිකර ගන්න . ගෑරුප්පුවකින් පුළුවන් නැත්නම් ගෑරුප්පුවකින් පොඩිකර ගෙන ක්‍රීම් එකක් වගේ එනතුරු ග්‍රයින්ඩ් කර ගන්නත් පුළුවන්.
  3. 💥 ඊලඟට බටර් ආලේප කර තැටියක් සූදානම් කර තබන්න.
  4. 💥 දැන් භාජනයක් ගෙන එයට පොඩිකර ගත් අල,සීනි, ලුනු සහ කිරිපිටි එකතු කර හොඳින් මිශ්‍ර කරන්න. භාජනයක් තෝර ගනිද්දි නන්ස්ටික් භාජනයකට වඩා තාච්චියක් පාවිච්චි කරනවා නම් වඩා හොඳයි , මොකද නන්ස්ටික් පෑන් එකේදී පදම බලා ගන්න ටිකක් අමාරු වෙයි.
  5. 💥 පසුව ලිප තබා අඩු ගින්දරේ හැඳි ගාන්න. 
  6. 💥 මිශ්‍රණය ඝන වීගෙන එන විට කරඳමුංගු කුඩු, වැනිලා සහ බටර් එකතු කර ගන්න.නොනවත්වා හැඳි ගාන්න.
  7. 💥 මිශ්‍රණය ඝන වී එක ගුලියට සෑදී භාජනය වටේ සීනි වියලෙන පදමේදී මිශ්‍රණය ලිපෙන් ඉවතට ගෙන තැටියට දමා තුනී කර කෑලි කපා ගන්න.
  8. 💥 නිවුනු පසු කපාගත් කෑලි වෙන්කර ගන්න.

😊 ඔයාලත් හදලා රස කියන්නකෝ, මටත් ෆොටෝ එකක් එවන්න අමතක කරන්න එපා 😍😍😍😍

හෙළයේ රස මිහිර
අල දෝසි හදමු (Ala Dosi Hadamu) - Your Choice Way

අපගේ page එකටත් like කරන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment