Kirilliyak Wiya Song Lyrics - කිරිල්ලියක් විය ගීතයේ පද පෙළ

Kirilliyak Wiya Song Lyrics - කිරිල්ලියක් විය ගීතයේ පද පෙළ
Song Title : Kirilliyak Wiya (කිරිල්ලියක් විය)
ගායනය : විශාරද මාලිනී බුලත්සිංහල
පද : සුනිල් රත්නායක
තනුව : ආචාර්ය රෝහණ වීරසිංහ
කුමාරසිරි අබේකෝන්ගේ "පොද වැස්සක්" ටෙලි නාට්‍යයේ ගීයකි.


කිරිල්ලියක් විය ටු නැත ලැබිලා
ඉගිලී යන්නට අහස වටා
ලොව හිනැහෙද්දී දෑස වසාගෙන
දෙපයින් ඇය යයි දෙරණ පුරා

බාලේ ගෙවු මුත් එකම කැදැල්ලක
එකම ලෙයක එක කිරි කඳුළක දැවටී
රිදී කාසි වල සුවඳින් මත්වී
එක කුස හොත් පින් සුවඳ මැකී වියැකී

කිරිල්ලියක් විය තටු නැත ලැබිලා
ඉගිලී යන්නට අහස වටා
ලොව හිනැහෙද්දී දෑස වසාගෙන
දෙපයින් ඇය යයි දෙරණ පුරා

මිලානවී ගිය ජීවය පිබිදී
දෙතොල් අගට රන් සිනහ පිරී ඉතිරී
දැවී ඉරිතැලුණු හදවත මත්තට
බලා හිඳී වැටෙනා තුරු පොද වැස්සක්

පොද වැස්සක්
පොද වැස්සක්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment