චොක්ලට් ස්විස් රෝල් හදමු (Chocolate Swiss Roll Hadamu)

චොක්ලට් ස්විස් රෝල් හදමු (Chocolate Swiss Roll Hadamu) - Your Choice Way

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • 🎈 බිත්තර 3 ක් 
  • 🎈 පාන්පිටි 60g ක්
  • 🎈 සීනි 80g ක් (60g+20g ලෙස වෙන වෙනම කිරා ගන්න)
  • 🎈 බේකින් පවුඩර් තේ හැඳි 1/2 ක්
  • 🎈 චොකලට් පවුඩර් මේස හැඳි 2 ක්
  • 🎈 කිරි මේස හැඳි 3 ක් ( 45ml)
  • 🎈 තෙල් මේස හැඳි 3 ක් (45ml)
  • 🎈 ලුණු තේ හැඳි 1/4 ක්
  • 🎈 වැනිලා තේ හැඳි 1 ක්

✅ සාදා ගන්නා ආකාරය :

  1. ⭕ මුලින්ම බිත්තර සුදුමද ,කහමද වෙන්කර ගන්න.
  2. ⭕ පිටි සහ බේකින් පවුඩර් එකට හලා පසෙකින් තබන්න.
  3. ⭕ සුදුමද පෙන එනතුරු ගසා ගන්න.
  4. ⭕ පසුව එයට සීනි 60g  ටික ටික එකතු කරමින් බිත්තර සුදුමද ඝන වනතුරු හොඳින් ගසන්න.
  5. ⭕ පසුව කහමද වලට ඉතිරි සීනි සහ ලුනු එකතු කර ක්‍රීම් පැහැ වනතුරු හොඳින් බීට් කරන්න.
  6. ⭕ දැන් එයට තෙල්,  කිරි  සහ වැනිලා එකතු කර බීට් කරන්න.
  7. ⭕ පසුව බීට් කරගත් කහමද මිශ්‍රණය ට හලාගත් පිටි සහ බේකින් පවුඩර් තුන් වතාවකට  එකතු කරමින්  හොඳින් මිශ්‍ර කරන්න.
  8. ⭕ දැන්  ගසාගත් බිත්තර සුදුමද , පිටි මිශ්‍රණයට ටික ටික එකතු කරමින් හැන්දකින් පෙරලමින් මිශ්‍ර කර ගන්න.
  9. ⭕ දැන් බේකින් පේපර් එකක් යොදා සකස් කරගත් අඟල් 8×10 තැටියක මේ මිශ්‍රණය දමා හොඳින් තුනී කර ගන්න.
  10. ⭕ මේසයක් මත තැටිය දෙතුන් වතාවක් ගසා වායු බුබුළු ඉවත් කර ගන්න.
  11. ⭕ දැන් 160 ° C න් විනාඩි 10 ක් රත් කරගත් අවන් එකක විනාඩි 15, 20 ක් පමණ බේක් කර ගන්න.
  12. ⭕ අනතුරුව කේක් එක තැටියෙන් ඉවතට ගෙන ඔයිල් පේපර් එකක් මතට දමා බේකින් පේපර් එක ගලවා ඉවත් කර රස්නය තිබියදීම රෝල් කර ගන්න.
  13. ⭕ කේක් එක නිවුනු පසු නැවත දිගහැර චොකලට් අයිසින් තවරා නැවත රෝල් කරන්න.
  14. ⭕ පැය 2 ක් පමණ ශීතකරණයේ තබා රස විඳින්න පුළුවන්.
එහෙනම් ඔන්න ඔයාලත් හදලා රස කියන්නකෝ 😍 ෆොටෝ එකකුත් එවන්න අමතක කරන්න එපා 🧡❤️🧡❤️❤️

හෙළයේ රස මිහිර
චොක්ලට් ස්විස් රෝල් හදමු (Chocolate Swiss Roll Hadamu) - Your Choice Way
අපගේ page එකටත් like කරන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment