Pun Poda Sanda Oba Gena Awoth Song Lyrics - පුන් පෝදා සඳ ඔබ ගෙන ආවොත් ගීතයේ පද පෙළ

Pun Poda Sanda Oba Gena Awoth Song Lyrics - පුන් පෝදා සඳ ඔබ ගෙන ආවොත් ගීතයේ පද පෙළ
Song Title : Pun Poda Sanda Oba Gena Awoth (පුන් පෝදා සඳ ඔබ ගෙන ආවොත්)
ගායනය : මාලිනී බුලත්සිංහල
පද : ලූෂන් බුලත්සිංහල
තනුව : එච්.එම්. ජයවර්ධන

පුන් පෝදා සඳ ඔබ ගෙන ආවොත් මල් වට්ටියකට අරගන්නම්
ඔබ හැමදාමත්
ඉල්ලන තරු මල්
එයට නෙළා පිළිගන්වන්නම් //

දේදුන්නක් ඔබ මට ගෙන ආවොත්
විසිතුරු සළුවක් වියමි එයින්
පරසතු උයනේ සක්මන් කරණට
ඉන් සැරසී ඔබ හා එන්නම්

පුන් පෝදා සඳ ඔබ ගෙන ආවොත් මල් වට්ටියකට අරගන්නම්
ඔබ හැමදාමත්
ඉල්ලන තරු මල්
එයට නෙළා පිළිගන්වන්නම්

බිඟු තුඩු නොවැදුණු පියුම ගෙනාවොත්
මානස විල මත පිපුණු සැණින්
නැවුම් පෙමට කිම වෙහෙසෙනු පෙම්වත
යළි ඉපදෙමි ඒ පියුමින් මම්

පුන් පෝදා සඳ ඔබ ගෙන ආවොත් මල් වට්ටියකට අරගන්නම්
ඔබ හැමදාමත්
ඉල්ලන තරු මල්
එයට නෙළා පිළිගන්වන්නම් //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment